Friday, April 19, 2024

අන්තර් ජාල සෙක්ස්: ලංකාව ලෝකයම පරදයි; උතුරු-නැගෙනහිර ලංකාවෙන් මුල්තැනට

ගූගල් සෙවුම් ආධාරයෙන් අන්තර් ජාලයේ සෙක්ස්  සෙවීමේදී ශ්‍රී ලාංකිකයන් ලෝකයෙන් ඉදිරියෙන්ම සිටින බව ගූගල් ආයතනය  නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන හෙළි කර තිබේ.

තවත් කැපී පෙනෙන කරුණක්  නම් උතුරු පළාත  ලංකාව පිළිබඳ  ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඌව සහ උතුරු මැද පළාත් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානයට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවෙහි ලිංගික අධ්‍යාපනය ඉතා පහල මට්ටමක පැවැතීම මෙම තත්වයට එක් හේතුවක් විය හැකි බව සමාජ  විද්‍යාඥයෝ පවසති. ලිංගික ඇසුර සම්බන්ධයෙන් සංස්කෘතික සහ නීතිමය බාධා ද මෙම තත්වයට හේතු වී තිබේ.

වියට්නාමය ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය තෙවැනි ස්ථානයේ සිටී. එම රටවල් දෙකද ලිංගික තහංචි වලින් පිරී තිබේ.

Archive

Latest news

Related news