විදෙස් ගත මාධ්‍යවේදියකුගේ නිවසට පොලිසිය යයි. ඔහු නාවොත් නිවැසියන් පොලිසියට!

498

ඡායාරූපය: නිලන්තන්ගේ නිවසට පැමිණි පොලිසිය.

පසුගිය ඉරිදා  ශ්‍රී ලංකා පොලිසිය,  මඩකලපුව පුවත්පත් සමාජයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන්ගේ නිවසට පැමිණ විදෙස් ගත ඔහු සිටින ස්ථානය පිළිබඳව ඔහුගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කර තිබේ.

නිලන්තන් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ  මාධ්‍යවේදියකුද වෙයි.

නිලන්තන්  නිවසේ නොසිටි නිසා ඔහුගේ පවුලේ අයගෙන් ඔහු සිටින ස්ථානය ගැන ප්‍රශ්න කළ පොලිසිය නිලන්තන් පොලිසියට නොපැමිනෙන්නේ නම්  ඔහු වෙනුවට පවුලේ කවරකු හෝ පැමිණිය යුතු බවට තර්ජනය කර ඇත. ඔහු මෑතකදී සංචාරය රටවල් මොනවාද, ඔහු ඇමතූ දුරකථන අංක සහ ඔහු සිටින්නේ කොහිදැයි පොලිසිය පවුලේ අයගෙන් විමසා ඇති බව ටැමිල් ගාර්ඩියන් වාර්තා කර තිබේ.

පසුගිය මාසයේ කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය ඔහුව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි. නමුත් ඒ වින විට ඔහු රටින් හැර ගොස් තිබුණි.

දිගින් දිගටම මුහුණ දුන් තත්ත්වය හේතුවෙන් නිලන්තන් මාස 8කට පෙර රටින් පලා ගිය බව දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය වාර්තා කර තිබේ. ඒ මෙසේය.