Wednesday, April 24, 2024

මහින්ද-මෛත‍්‍රී පාලන සමයේ ගුවන් ගත කාර්ය මණ්ඩල වියදම් හෙළිවේ

2010 සිට 2014 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට   2578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක්  සිටි  අතර ඒ සඳහා රුපියල් මිලියන 630කට අධික මුදලක් වැය කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ 2015 සිට 2019 දක්වා 1,317ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි අතර ඒ සඳහා රුපියල් මිලියන 850කට අධික මුදලක් වැය කර තිබේ

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ තොරතුරු ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසය.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන ලද නමුත් එම තීරණයට එරෙහි අභියාචනයක් සලකා බැලූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ  එම තොරතුරු ලබා දෙන ලෙස නියෝගය කර තිබේ.  ඒ උඩ බලධාරීන් 2022 නොවැම්බර් 14 වැනි දින අදාළ තොරතුරු නිකුත් කිරීමට කටයුතු කර ඇත.

රාජපක්ෂ සමයේ නාස්තිතාර වියදම් කරන කරන බවට ශපථ කර බලයට පැමිණි සිරිසේන ද එම මාර්ගයෙහිම ගමන් කර ඇති බව මෙම තොරතුරු පෙන්වා දෙයි.

රනිල් රාජපක්ෂ ද දැන් එම නාස්තිකාර මාර්ගයේම ගමන් කරයි.

මෙරට විධායක ජනාධිපතිවරයාගේ වියදම් සඳහා පාලනයක් හෝ සීමාවක් හෝ නැත.

සිරිසේන රජයේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි කිහිප දෙනෙකුම  රනිල් රාජපක්ෂගේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ දැන් සේවය කරයි.

Archive

Latest news

Related news