Tuesday, July 16, 2024

රනිල් රාජපක්ෂ මානව හිමිකම් කොමිසමටත් අනතුරු හඟවයි!

ඡායාරූපය: මර්දනයට පේළි ගැසීම.

වත්මන් සමාජ ආර්ථික දේශපාලන තත්වය සම්බන්ධයෙන් විරුද්ධකම්පාන පුරවැසියන් හදිසි නීතිය සහ යුද හමුදාව  දමා මර්දනය කරන බවට වහසි බස් දෙඩූ ජනාධිපති රනිල් රාජපක්ෂ  දැන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අනතුරු හඟවා තිබේ.

ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිසියේ රාජකාරියට මැදිහත් නොවිය යුතු බවට පසුගිය 24වනදා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කරමිනි.

මානව හිමිකම්  කොමිසම පොලිසියේ අවනීතික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි ගන්නා ලද පියවර රනිල් රාජපක්ෂගේ කේන්තියට ලක්ව තිබෙන බව පෙනේ.

එවැනි පියවර  සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති බවද රනිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන ආයතනයක වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  සම්බන්ධයෙන් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශයක් මෙයට පෙර කිසිදු ජනාධිපතිවරයකු කර නැත.

මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි මානව හිමිකම්වලට සම්බන්ධ නොවන බව ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ තමන්ගේම අර්ථ කථනයක් ඇති බවට ඉඟි කරමිනි.

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රාජ්‍ය විරෝධී පිරිස් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

සාමකාමී උද්ඝෝෂණවලට බාධා කිරීමේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පොලිසියට එල්ල වන විවේචන හමුවේ ජනාධිපති වික්‍රමසිංහ පොලිසිය ආරක්ෂා  කරමින් කතා කළේය.

“බහුතරය අද නිහඬයි. ඔවුන් නැවත තම ජීවිතය ගත කිරීමට නිශ්ශබ්ද  වී සිටිනවා. ඒ අනුව පොලිසිය කටයුතු කරනවා. නමුත්  විරෝධතාකරුවන් කරන්නේ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීම. පොලිසිය තත්ත්වය පාලනය කිරීමට යන විට ඔවුන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරනවා. මානව හිමිකම් කඩවීම් ගැන පැමිණිලි කරන්නේ නැහැ. ඔවුන්ගේ අරමුණ පොලිසියේ රාජකාරිය නැවැත්වීමයි” ඔහු  තවදුරටත් පවසා තිබේ.‍

මානව හිමිකම් කොමිසම මර්දනය කිරීමට ෂ තමන් හා එක්වන ලෙස ඔහු විපක්ෂයට ද ආරාධනා කරයි.

“ආණ්ඩුව විදියට අපට අවශ්‍ය විපක්ෂයත් එක්ක වැඩ කරන්න. මම කියන්නේ අපි එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි කියලා.”

Archive

Latest news

Related news