Thursday, April 25, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ අගවිනිසුරුට ලියයි

සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහභාගි වීමට යාමේදී මේ වසරේ අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට ඇතුළුවීම තමන්ට තහනම් කළ බව බව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

ඇය මේ බව පවසන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යවමිනි.

2010 සිට 2020 දක්වා කාලය තුළ තමා මීට පෙර අවස්ථා ගණනාවකදී නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණ ඇති අතර, COVID-19 පැතිරීමත් සමඟ 2020 සිට අධිකරණ භූමියට ඇතුළු වීමට තමාට අවසර දී නොමැති බව එම ලිපියේ සඳහන් වේ.

“අනෙකුත් ආයතන තම කටයුතු කරගෙන යාමේදී සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත්, ඔවුන්ගේම නඩුවකට හෝ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව පවා සාමාන්‍ය පුරවැසියන්ට තවමත් උපරිමාධිකරණ සංකීර්ණයේ උසාවි කාමරවලට ඇතුළුවීම තහනම් කර ඇත, ,” ඇය පවසයි.

ෙඅංක SC FR126/2021 දරන මගේ නඩුව කැඳවන විට මට උසාවියේ සිටීමට අවශ්‍ය විය. සිවිල් වැසියන්ට ඇතුළට යාමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක නිලධාරීන් ඇයට කී බව එහි සඳහන් වේ. ඇය ප්‍රකාශ කළේ තමන් ඇතුළු සියලුම නඩු පාර්ශවයන්  ඔවුන්ගේ නඩු විභාගයට සහභාගි වීම වළක්වා ඇති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (1) වගන්තිය ඉස්මතු කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද හෝ පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද සහ ස්ථාපිත කරන ලද සෑම අධිකරණයකම, විනිශ්චය සභාවකම හෝ වෙනත් ආයතනයකම රැස්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව සඳහන් කර තිබේ. එවැනි අවස්ථාවන්ට සහභාගි වීමට පුද්ගලයන්ට නිදහසේ අයිතිය තිබිය යුතු බවත්, මෙම අයිතිය කඩ කර ඇති බවත් සන්ධ්‍යා පවසයි.

සන්ධ්‍යා එක්නැළිගොඩ  අග විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටනේනේ සාමාන්‍ය පුරවැසියන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, නඩු පවරන පාර්ශ්වයන්ට සහ සාමාන්‍ය ජනයාට පෙර අවසර දී ඇති පරිදි නඩු කටයුතු නැරඹීමට උසාවි කාමරවල සිටීමට ඉඩ දෙන ලෙසත්ය.

ඉංග්‍රිසි බසින් යවන ලද ලිපිය පහත දැක්වේ:

 

Archive

Latest news

Related news