Tuesday, July 16, 2024

හිරුණිකාට පොලිසිය එවූ නීති විරෝධී මෙම ලිපිය අනුව මින්පසු කිසිම විරෝධතාවයකට ඉඩක් නැහැ!

සමගි ජන බලවේගයේ කාන්තා අංශයේ නායිකාවක වන හිටපු පාර්ලිමේන්තු මංත්‍රී හිරුණිකා පේමවන්ද්‍ර වෙත ලිපියක් යවන සහකාර පොලිස් අධිකාරී දිල්රුක් ප්‍රකාශ කරන්නේ අද සවස තුනට පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන සහ කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂනය පැවැත්වීමට අවසර නොදෙන බවයි.

එම ලිපියේ දක්වා ඇති කරුණූ අනුව කොළඹ නගරයේ කිසිදු විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට අවසර නොලැබෙනු ඇත. එම ලිපියේ සඳහන් වන්නේ ආර්ථිකයට පාඩු වන බැවින් සහ මහජනයාට කරදර වන බැවින් එම විරෝධතාවය පැවැත්වීමට අවසර දිය නොහැකි බවයි.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවේ මෙම මර්දනකාරී පියවරයන් මගින් සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය හෝ ජන ජීවිතය හෝ ශක්තිමක් වීම නොව රට අන්තර් ජාතික වශයෙන් තවත් හුදකලා වී ආර්ථිකය තත්වය තවදුරටත් කඩා වැටීමයි.

 

Archive

Latest news

Related news