Friday, April 26, 2024

චීන පිළිවෙත නිසා ලබන මාර්තු වනතුරු අයිඑම්එෆ් මුදල් නැහැ; “මෙරට අනාගතය අඳුරුයි”

දෙසැම්බර් මාසයේදී අත්‍යවශ්‍ය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන් විශාල දේශපාලන කැළඹීමක් කරා ගමන් කරමින් තිබේ. ඊට හේතුව නම් 20 වැනි පක්ෂ සම්මේලනයට අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිත්‍රයා සහ සහ ණය හිමියා වන චීනය   ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට තවමත් පියවර ගෙන නැති නිසාය.

වොෂින්ටනය පදනම් කරගත් මූල්‍ය විශ්ලේෂකයින්ට අනුව, ශ්‍රී ලංකාවට දෙසැම්බර් අයිඑම්එෆ් ණය ලබා ගැනීමේ කාලසීමාව මග හැරෙනු ඇති අතර සමාන කොටස් අටක් ලෙස එම ණය දෙන ආයතනයෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමට 2023 මාර්තු දක්වා බලා සිටීමට සිදුවනු ඇත. මේ අතර, විදේශ විනිමය අවප්‍රමාණය වීම, ගැඹුරු අවපාතය සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් ඉහළ ගොස් ඇත. 2021 අවසානයේ සිට උද්ධමනය දේශීය ණයවල සැබෑ වටිනාකම සැලකිය යුතු ලෙස ඛාදනය කර ඇත.

ණයකාරයන් වන ඉන්දියාව සහ ජපානය දැනටමත් ණය ප්‍රතිසන්ධානය සහ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කොළඹ සමඟ සංවාදයක් ආරම්භ කර ඇති අතර, බීජිං පාලනය 20 වැනි ජාතික පක්ෂ සම්මේලනයට සම්බන්ධ වී සිටි නිසා, සේවාදායක රාජ්‍ය ශ්‍රී ලංකාව සඳහා ලබා දුන්නේ සුළු කාලයකි. එබැවින් චීනය තවමත් සංවාදයේ යෙදී සිටී.

2021 අවසන් වන විට දිවයිනේ මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් විය. මෙයින් ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 7.1ක් හෙවත් ණයෙන් සියයට 20ක් ණය ගැතිය. 2021 දෙසැම්බර් අග වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 115.3ක් වූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය 2022 ජූනි අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 143.7 දක්වා ඉහළ ගොස් ඇත.

මෙයින් ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.7 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

2022 ඔක්තෝම්බර් 31 වන දින, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කළේය: “දැන්, මෙය ක්‍රියාවලිය හරහා තමයි, අපට ගමන් කිරීමට සිදු වෙන්නේ. දෙසැම්බර් අයිඑම්එෆ් සමඟ එකඟතාවකට එන්න පුළුවන් නම්, ඒ කියන්නේ නොවැම්බර් මැද වෙනකොට ගිවිසුමකට ඇවිත් දෙසැම්බර් මැදදී අයිඑම්එෆ්  අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වීම කරා යාමට හැකි නම් අපට ලොකු වාසියක් ලැබෙනවා. කෙසේ වෙතත්, චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව අවධානය යොමු කිරීම ආරම්භ වී ඇති සරල හේතුව නිසා අපට එය කළ හැකිද යන්න මා දන්නේ නැහැ. කෙසේ වෙතත්, අපි එය ජනවාරි මාසය වන විට එකඟතාවය ලබා ගැනීමට ඉලක්ක කළ යුතුයි.”

තම පක්ෂයේ හුදකලා මන්ත්‍රීවරයෙකු සහ අපකීර්තිමත් රාජපක්ෂ රෙජීමයේ සමීපතම සගයෙකු වන වික්‍රමසිංහගේ මෙම දේශපාලන විජ්ජාකාරී ක්‍රියාදාමය පිටුපස ඇත්තේ මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 23 මාර්තු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම දක්වා ශ්‍රී ලංකාවට පැවැත්ම සඳහා ඩොලර් මිලියන 850 ක  මූල්‍ය පාලම් පරතරයක් අවශ්‍ය වීමයි. එසේත් නැතිනම් පසුගිය ජූලි-අගෝස්තු මාසවල මෙන් මහජන විරෝධතා ඇති වීමට ඉඩ ඇති තිබේ.  ශ්‍රී ලංකාවේ විපක්ෂයට තනිවම නැගී සිටීමට ශක්තියක් නොමැති බැවින් අන්ත වාමාංශික පක්ෂ දේශපාලන ආකර්ෂණයක් ලබා ගැනීමට ද ඉඩ ඇත. ප්‍රශ්නය වන්නේ 2023 මාර්තු දක්වා කොළඹට පැවැත්ම සඳහා ඩොලර් මිලියන 850 ක පාලම් අරමුදල් ලබා දෙන්නේ කවුද යන්නයි?

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ, රාජපක්ෂ පාලනයේ වැරදි පාලනය, දුර්වල මූල්‍ය විනය සහ දූෂණය හේතුවයි. බීජිං පාලනයෙන් සියයට 11ක පොලියට ණයක් ලබාගෙන චීන ආධාර ඇතිව මෙගාවොට් 900ක නොරොච්චෝලිය විදුලි බලාගාරයක් රාජපක්ෂ පාලනය ලබා ගත්තේය. චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද සුදු අලි ව්‍යාපෘති අවම වශයෙන් ඉදිරි වසර පහ තුළවත් යථා තත්ත්වයට පත් වීමේ සලකුණක් නොමැති ආර්ථික කළු කුහරයකට දිවයිනෙහි ජනතාව ගෙන ගොස් ඇත.

චීනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තවමත් ඉදිරිපත් වීමට නියමිතව තිබියදී, ඉන්දියාව දැනටමත් කොළඹ සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට ඉක්මන් සහන ලබා දීම සහතික කිරීම සඳහා තවත් ණයකරුවෙකු වන ජපානයද දිගටම සාකච්ඡා කරමින් සිටී.

මෝදි ආණ්ඩුව දූපතෙහි ජාතිය නොනවත්වා තබාගැනීමේ ක්‍රියාවලියෙන් සදහා ලබා දුන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන හතරක හදිසි ආධාරයක් සමඟින් කොළඹ ආණ්ඩුව ඩොලර් බිලියන 1.7කට ආසන්න ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයක් ඉන්දියාවට ගැතිය. ශ්‍රී ලංකාව තවමත් ඉන්දීය සාගර කලාපයේ ඉන්දියාවේ විරුද්ධවාදීන් වන චීනය සහ පාකිස්ථානය සමඟ ශ්‍රී ලංකාව සෙල්ලම් කරමින් සිටියද  තතු  එසේ ය. සමහර විට, චීනය සිය ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කරගෙන හන් ජාතික චීන සංචාරකයින්ට ස්වකීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා දිවයිනට පැමිණ මුදල් වියදම් කිරීමට ඉඩ දෙන තෙක් ශ්‍රී ලංකාව බලා සිටිනවා විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අනාගතය ඉතා අඳුරු ය.

– හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පතෙහි පළ වූ ලපියක් අසුරිනි.

 

Archive

Latest news

Related news