Friday, April 26, 2024

21වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-
1. මේ පනත විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මේ පනතෙ ් “ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව” යන වන ් සඳහන ් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIIඪෂෂඅ වන පරිච්ඡේදය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන පරිච්ඡේදය ආදේශ කරනු ලැබේ:-

VIIඅ වන පරිච්ඡේදය 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

41අ.. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන, (මේ පරිච්ඡේදයේ “සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය :-
(අ) අග්‍රාමාත්‍යවරයා;
(ආ) කථානායකවරයා;
(ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා;
(ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්;
(ඉ) පහත සඳහන් පරිදි නාමයෝජනා කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු තැනැත්තන් පස් දෙනෙක්:-
(i) ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාමයෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්;
(ii) විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාමයෝජනා කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්; සහ
(iii) අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වය මත, කථානායකවරයා විසින්
නාමයෝජනා කරනු ලබන තැනැත්තන් තිදෙනෙක්; සහ
(ඊ) ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය මත නාමයෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
(2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුත්තේ ය.
(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ වන පත්කිරීම් සඳහා වූ නාමයෝජනා, ඒ නාමයෝජනා කිරීමේ අවශ්‍යතාවය පැනනගින කවර හෝ අවස්ථාවන්හි දී සිදු කිරීමට වගබලා ගැනීම කථානායකවරයාගේ කාර්යය වන්නේ ය.

සම්පූර්ණ සංසෝධනය මෙහි කියවන්න: 00-2022_S

Archive

Latest news

Related news