Thursday, March 28, 2024

රනිල් රාජපක්ෂ රිමාන්ඩ් සිරකරු අයිතීන්ටත් කෙළී!

රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පසුගිය ජූලි මස 12වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් රිමාන්ඩ් බාරයේ සිටින දඩුවම් කර නැති පුද්ගලයින්ගේ අයිතීන්  කප්පාදු කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව එවැනි රැදවුම්කරුවන් බැලීමට දැන් ඉඩ ලබා දෙනු ඇත්තේ  සතියකට එක් වතාවක් පමණි. මෙයට පෙර සතියේ සෑම දිනයකදීම රැදවුම්කරුවන් සහ රැදවුම් කාරියන් බැලීමට අමුත්තන්ට ඉඩ දී තිබුණි.

තවද දිනකට එවැනි රැඳවුම්කරුවක් හෝ කාරියක රඳවා ඇති සිර කුටියෙන් පිටත ගත කිරිමේ කාලයද පැයකට සීමා කර තිබේ. ඒ ව්‍යායාම කිරීම පිනිසය.

සාමාන්‍යයෙන් රිමන්ඩ්බාරයේ සිටින සැකරුවන් හෝ සැකකාරියක්ට දවසෙහි පැය 6ත් 8ත් අතර  සිර කුටියෙන් පිටත ගත කිරිමට අවසර දෙනු ලැබේ.

රනිල් රාජපක්ෂ පාලනය ක්‍රමාණුකූළව පොලිස් රාජ්‍යක් කරා ශ්‍රී ලංකාව ගෙන යෑමේ තවත් පියවරක් මෙම ගැසට් නිවේදනය මගින්  ගෙන තිබේ.

සිවිල් සිරකරුවනට මුදල් ගෙවා වෙනම කාමර සහ අවශය ගෘහ භාණ්ඩ ලබා ගත හැකි බවටද නියමක් මෙම ගැසට් නිවේදනයේ දැක්වේ: Prison rules changed 2288-15_S

 

Archive

Latest news

Related news