Friday, May 3, 2024

නටපු නැටුමකුත් බෙරේ පලුවකුත් නැති ඥණසාරගේ බලකායට මහජන මුදල් ලක්ෂ 43ක් වැය කරලා!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය පිහීටවූ  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ප්‍රමුඛ 13 දෙනෙකුගෙන් යුත් ‘එකම රටක් – එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා රුපියල් මිලියන 4.3 ක් වැය කර තිබේ.

ගලබොඩ අත්තේ ඥණසාර මුස්ලිම් විරොධී සාපරාධ ව්‍යාජ කතාන්තර පතුරුවා හැරීමේ සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට සම්බන්ධ සිවුරුධාරී අපරාධකරුවෙකි.

2021 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති රාජපක්ෂ විසින් ‘එකම රටක්, එකම නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම අධ්‍යයනය කිරීම සහ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. පසුව, 2022 මැයි 27 වන දින, ඔහු විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, කාර්ය සාධක බලකායේ ‘පවරන ලද කාර්යය සම්පූර්ණ කිරීමට’ සති තුනකින් එහි නිල කාලය දීර්ඝ කළේය.

සියලුම පුද්ගලික නීති අහෝසි කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ‘එකම නීතියක්’ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පිණිස රටක් එක් නීතියක් කාර්ය සාධක බලකාය ගෝඨාභය විසින් පත් කරන ලදී.

‘එක් රටක් එක නීතියක්’ වාර්තාව නිකුත් කරන ලෙස සිලෝන් ටුඩේ පුවත් පත විසින් කරන ලද ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. එලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ  තොරතුරු පනතෙහි 5 (ii) වගන්ති යටතේය.

නීති අධ්‍යයනය කර වාර්තාව සම්පාදනය කිරීම සඳහා මුදල් වෙනු කර ඇත්තේ  ඒකාබද්ධ අරමුදලෙනි. වාර්තාව වසරක් ඇතුළත අවසන් කර 2021 ජුනි මාසයේදී රාජපක්ෂ වෙත භාර දෙන ලදී.

වාර්තාව බාර දී වසරකට වඩා ගත වී ඇතත්  ‘එකම රටක් එක නීතියක්’ විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්  කිසිවක්  තවම ක්‍රියාත්මක කර නැත. එනයින් ගෝඨාභය විසින් කරන ලද තවත් අසාර්ථක ව්‍යාපෘතියක් බවට ඥාණසාර බලකාය ද පත් වෙයි.

 

 

 

Archive

Latest news

Related news