Friday, March 29, 2024

රාජපක්ෂ සමයෙහි මෙරට නිලධාරීන්ට /දේශපාලනඥයින්ට අල්ලස් දුන් ඕස්ට්‍රේලියානු ජාවාරම්කරුවන්ට එරට නඩු; අල්ලස් ගත් මෙරට නිලධාරීන් නිදැල්ලේ!

ඡායාරූපය: මධ්‍යම අධිවේගී මාර්ගය, දූෂණයේ මාවතකි.

ඩොලර් මිලියන ගණනක යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට අධිකරණය හමුවෙහි චෝදනා එල්ල වී තිබේ.

මෙම අල්ලස් ලබා දි ඇත්තේ රාජපක්ෂ පවුල බලයේ සිටි 2006 සහ 2019 අතරය.

ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක්  ලබා ගැනීම පිනිස මෙම අල්ලස් ලබා දී ඇති බව පැවසේ.

ඉන් එක් අවස්ථාවක් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සඳහා කොන්ත්‍රාත්තුව 2013 දී රුපියල් මිලියන 958 කට ටෙන්ඩර් නොමැතිව SMEC වෙත ලබා දීමය.

එම ජාවාරම සමස්තයක් ලෙස රුපියල් බිලියන 1.4ක් වූ නමුත් පසුව දෙවතාවකට වැඩි පුර මුදල් ගෙවන ලද බව 2017 වර්ශයේදී සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එපමණක් නොව රාජපක්ෂ ඇමැති මණ්ඩලය ගිවිසුමට පිටින් කාලය දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු පොලිසිය දශක ගණනාවක් පුරා රටවල් කිහිපයක් පුරා සිදුකළ විමර්ශනයකින් අනතුරුව පසුගිය මාසයේදී එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

67 සහ 71 යන වයස්වල පසුවන මෙම පුද්ගලයින් දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති  SMEC නම් සමාගමෙහි සේවය කර ඇත.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) පවසන්නේ මෙම පුද්ගලයින් 2009 සිට 2016 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 304,000 ($ 190,000, £ 172,000) කට වඩා අල්ලස් ලබා දී ඇති බවයි.

නිලධාරීන්ට ලබා දෙන අල්ලස් එම ව්‍යාපෘති බාර මෙරට දේශපාලනඥයින්ට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි.

එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව සහ වෙනත් තැන්වල බලධාරීන් සම්බන්ධ වූ ඕස්ට්‍රේලියාවේ පදනම් වූ ඉංජිනේරු සමාගමක් වන SMEC International Pty Ltd පිළිබඳ විමර්ශනයකින් පසුව මෙම චෝදනා එල්ල වී ඇත.

තවත් අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා එල්ල විය හැකි බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

“දූෂණය, සාධාරණ තරඟකාරිත්වය අඩපණ කරන අතර සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්, ගෝලීය දරිද්‍රතාවයට එරෙහි සහ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකිය,” ඕස්ට්‍රේලියානු රහස් පරීක්ෂක අධිකාරි හෙලන් ෂ්නයිඩර් පවසා ඇත.

නමුත් මෙරට මෙම වංචාව සම්පූර්නයෙන්ම වසා දමා තිබේ. මෙරට පෙරද ශ්‍රී ලංකාවට ගුවන් යානා විකිණීමකදී කරන ලද  ඩොලර් මිලියන ගණනාවන වංචාවක් සම්බන්ධයෙන් එංගලන්තයෙහි දී නඩු පවරා දඩුවම් කරන ලදී. එනමුත් එම මුදල් ලබා ගත් මෙරට රාජපක්ෂ ගැති පුද්ගලයින්ට කිසිදු නඩුවක් පවරා නැත.

දූෂණය සහ වංචාව නතර කිරීමට රනිල් රාජපක්ෂ කිසිදු පියවරක් ගෙන නැති අතර ඔහුගේ පාලන කාලය තුල සිදුවූ මහා පරිමාන වංචා සම්බන්ධයෙන් ද ගෙන ඇති පියවරක් නැත.

Archive

Latest news

Related news