Tuesday, May 7, 2024

රනිල්-රාජපක්ෂ මුසාව පුපරුවා හරින අසල්වැසි මාලදිවයිනේ ආර්ථික වර්ධනය 12.4%යි!

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2022 දී සියයට 9.2 කින් සහ 2023 දී තවත් සියයට 4.2 කින් හැකිළෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකු වාර්තාවක් ප්‍රකාශ  කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව  ඉතිහාසයේ දරුණුතම මුදල් අර්බුදයෙන් පෙළෙන බවත් එය සඳහන් කරයි.

රාජපක්ෂ පවුල් පාලනය යටතේ සිදුවූ මුල්‍ය සහ ආර්ථික දුෂ්-කළමණාකරණය, වංචා දූෂණ නිසා ශ්‍රී ලංකාව මෙම ඛේදවාචකයට  හේතු වූ බව නොරහසකි.

එසේ නමුත් රාජපක්ෂ මාෆියාව තවමත් කියන්නේ වත්මන් අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය සහ එහි විපාක වශයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටීම බවයි.

රනිල් රාජපක්ෂ ගයන්නේද නටන්නේද එම තනුවට අනුවය.

රාජපක්ෂ මුසාව පුපුරවා හරින හොඳම උදාහරණයක් වන්නේ අසල්වැසි මාලදිවයිනයි.

එසේ නමුත් කොවිඩ් වසංගතය මෙන්ම සංචාරක ව්‍යාපාරය කඩා වැටීම යන සාධක දෙකට ම මුහුණ දුන්  මාල දිවයින මෙම වසරෙහි සියයට 12.4 කින් වර්ධනය වීමට නියමිත බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි. මාලදිවයින 2023දී සියයට 8.2කින් වර්ධනය වනු ඇත.

මාල දිවයින ශ්‍රී ලංකාවටත් වඩා සංචාරක ව්‍යාපාරය මත ආදයම් ලබා ගැනීමට රඳා පවතින නමුත් මුල්‍ය ප්‍රතිපත්තියේ සාධනීය බව නිසා රට කඩා වැටීමකට ලක් වූයේ නැත. එරට මහා පරිමාණ දූෂණ මගින් ධනවත් වන පාලක පවුලක් නැත.

පසුගිය වසර පහ තුළ එරට ආර්ථකය සියයට 30කින් ඉහළ ගොස් තිබේ.

වසර දෙකක මුදල් මුද්‍රණයෙන් පසු ශ්‍රී ලංකාවේ රුපියල 2022 දී එක්සත් ජනපද ඩොලරයට 200 සිට 360 දක්වා පහත වැටුණ අතර එමගින් ජනයාගේ මූර්ත ආදායම් කඩා වැටුනි.

මාලදිවයිනෙහි මුදල් ඒකකය වන රුපියා එවැනි කඩා වැටීමකට ලක්ව නැත. එය බැදී ඇත්තේ එක්සත් ජනපද ඩොලරය සමඟය.

ශ්‍රී ලංකාවේ ආනයනය සීමා කිරීමේ ආර්ථික ප්‍රකෘතියට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද එම ලෝක බැංකු වාර්තාව පවසයි.

( කරුණූ පමණක් රොයිටර් පුවතක් ඇසුරිණි)

Archive

Latest news

Related news