ත්‍රස්ත පනත යටතේ පොලිස් අත්අඩංඟුවේ සිටින සැකකරු සංඛ්‍යා ලේඛනය ලබා දෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කරයි; නොදුන්නොත් නඩු!

1245

සමාජ සහ සාමයික කේන්ද්‍රය සහ ජනමාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමක අභියාචනය ඊයේ එනම් 06දින  විභාග කළ තොරතුරු කොමිසම එම ඉල්ලීමට අදාල, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් අත් අඩංඟුවෙහි සිටින සැකකරුවන්ගේ ලේඛනය මෙම මස 28වන දිනට පෙර ලබා දෙන ලෙස පොලිසියට නියෝග කරන ලදී.

මෙම තොරතුරු ලබා දීම ජාතික ආරක්ෂාවට බාධාවක් බැවින් ලබා දිය නොහැකි යැයි පොලිසිය තර්ක කළේය.

ඉල්ලා සිටින ලද තොරතුරු මෙසේය:

එම තොරතුරු ලබා නොදුන හොත් මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට ද තොරතුරු කොමිසම නියෝග කරන ලදී.