Friday, April 19, 2024

විරෝධතාවයේ නිරත දෙමළ ධීවරයින්ට ශ්‍රී ලංකා පොලිසිය ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරයි.

05 October.

ශ්‍රී ලංකාවේ කුප්‍රකට විශේෂ කාර්ය බළකාය විරෝධතාවයේ නිරත දෙමළ ධීවරයින්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කර ඇති අතර, අවම වශයෙන් එක් අයෙකු මුලතිව්හි රෝහල් ගත කර ඇත.

 

නීතිවිරෝධී ධීවර කටයුතුවලට සම්බන්ධ පිරිස් පෙළපාලිකරුවන්ට පහර දීමට උත්සාහ කළ බව වාර්තා වීමත් සමඟ විශේෂ කාර්ය බළකාය යොදවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. දැඩි ආරක්‍ෂාව විධි විධාන  තවදුරටත් පවතී.

මුලතිව් දිස්ත්‍රික් ධීවර සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයෙන් පිටත සිය උද්ඝෝෂණ ව්‍යාපාරය  සහ දිගටම කරගෙන ගිය දින තුනක සාමකාමී පෙළපාලිවලින් අනතුරුව මෙම සිදුවීම් සිදු විය.

මෙම විරෝධයට අවම වශයෙන් විවිධ ධීවර සංගම් 24 ක් සම්බන්ධ  වී තිබේ.  තම දෙමාපියන් සමඟ පැමිණ විරෝධතාවයට සහභාගී වූ පාසල් සිසුන් සිටිය ද පොලිස් මර්දනය දියත් කරන ලදී. ඇස්තමේන්තු වලට අනුව විරෝධතාවයට සහභාගි  පෙලපාලිකරුවන් සංඛ්‍යාව 300 ඉක්මවයි.

 

ශ්‍රී ලංකා නිලධාරීන්ගෙන් කිසිදු විසඳුමක් නොලැබීම නිසා කලකිරුණු  ධීවරයෝ පිරිසක්, ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් බෝට්ටුවකට පවා ගිනි තැබූහ.


Archive

Latest news

Related news