Saturday, April 27, 2024

නීති විරෝධී අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි! දාපු නඩු වසර 20ක්ම ඇහෙනවා!! – සුමන්තිරන්

දින දෙකකට පෙර  කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය .

ද මොර්නිං පුවත්පත  වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දී ඇත්තේ මීට දින දෙකකට පෙර කොළඹදී ප්‍රකාශයට පත් කරන ලද අධි ආරක්ෂිත කලාපය ගැන ජනතාව කැලඹී සිටියද, 1990 සිට උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල එවැනි කලාප පනවා තිබූ බවත්, දෙමළ ජාතික සන්ධානය 2003 දී උසාවියේ දී එය අභියෝගයට ලක් කළ බවත්ය. එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.

මෙම නඩුව දැන් විසි වසරක් තරම් කාලයක් පවතින බවත් 2003 දී  අභියෝගයට ලක් කළ  නමුත් තවමත් විභාග වන නඩුවෙහි  ඊළඟ දිනය 2022 දෙසැම්බර් 8 වන දිනට නියම කර ඇති බවත්  ඔහු පෙන්වා දී තිබේ.

2003 වසරෙහි යාපනයේ පිහිටුවා තිබූ අධි ආරක්ෂක කලාප රතු පාටින් දැක්වේ

මේ අතර, ඔහුගේ ට්විටර් පණිවිඩයක ඊයේ දක්වා තිබුණේ මාවෙයි සේනාධිරාජා එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (SC FR 646/2003) HSZ ප්‍රකාශනයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පළමු නඩුව බවයි.

එයින් පෙනී යන්නේ මෙම නීති විරෝධී අධි ආක්ෂක කලාප දැන් රනිල් රාජපක්ෂගේ දේශපාලන හිතවතියක ද වී සිටින චන්ද්‍රිකා කුමාරතුංග විසින් බවයි.

“2007 දී අධිකරණය අපගේ ස්ථාවරය තහවුරු කර අතුරු නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ පලාලි අධි ආරක්ෂිත කලාපයේ අයිතිකරුවන්ට නැවත පදිංචි වීමට අවසර දෙන ලෙසයි. නැවත පදිංචි කිරීම ආරම්භ වූයේ එළෙසය. යළි පදංචි කිරීම අධිකරණය විසින් නිරීක්ෂනය කරන ලදී,” ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කළේය.

මාවෙයි සේනාධිරාජා එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නඩුවෙහි අතුරු නියෝගයේ ඡේදයක් මෙසේය:

“ඉන්පසු අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. ගනේෂ් ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස රජයට නියෝග කළේය. ඉන් අනතුරුව, පෙත්සම්කරු විසින් පැමිණිලි කර ඇති ආකාරයට අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳව වාර්තාවක්  ඉදිරිපත් කරන ලෙස අධිකරණය ගනේෂ්ට  නියෝග කළේය. මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ පෙත්සම්කරු විසින් තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් පමණක් නොව, ඒ හා සමාන තත්වයක් ඇති වෙනත් අය වෙනුවෙන් මෙම අයදුම්පත ගොනු කළ බවට විශේෂයෙන් ආයාචනා කර තිබූ බැවිනි. ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කල් තැබීම් කිහිපයක් ලබා  දෙන ලදී.”

සුමන්තිරන්, ඉහත ඡේදය තවදුරටත් උපුටා දක්වමින් මෙසේ සඳහන් කළේය: “HSZ නීත්‍යානුකූල නොවන බවට අපගේ ස්ථාවරය මෙයින් වාර්තා වෙනවා. මෙම අතුරු නියෝගය ලබා දී ඇත්තේ  2006 දීය..

පෙත්සම්කරුවන් 2,176ක් පමණ ඉදිරිපත් කළ නඩු කිහිපයක් අභියාචනාධිකරණයේ තවමත්  විභාග වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. 2003 වසරේ සිට අධි ආරක්‍ෂිත කලාපය ලෙස භාවිත කර ඇති පෞද්ගලික ඉඩම් අක්කර 6.138ක් අත්පත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති පවරා ගැනීමේ නිවේදනය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ 2013 වසරේදීය.

( ද මොනිං වාර්තාවක් ඇසුරෙනි)

Archive

Latest news

Related news