Friday, April 26, 2024

ගෝටා පැන්නූ විරෝධතාකරුවන්ට විරුද්ධව පියවර ගන්නවා – රනිල් රාජපක්ෂ

ඡායාරූපය: රාජපක්ෂවරුන්ගේ රෑකඩයා වන රනිල් රාජපක්ෂ, සිය මිතුරකු වන ගෝඨාභය යළි මෙරටට ගෙන්වා ගැනීමට ද පියවර ගනු ඇතැයි කියවේ.

රාජපක්ෂවරුන්ගේ පාර්ලිමේන්තු ඡන්දවලින් ජනාධිපති බවට පත් සියයට දෙකේ රනිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් ඉවත් කළ විරෝධතාකරුවන්ට එරෙහිව පියවර ගන්නා බව එදිනම ප්‍රකාශ කළේය.

එදිනම කොළඹ විරෝධතාකරුවන් රැදී සිටින ස්ථානයක් වූ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට මීටර් 50ක් ඇතුළත කිසිවකුට රැදී සිටීම තහනම් කරමින් පොලිසිය නියෝගයක් ලබා ගත්තේය.

රනිල් රාජපක්ෂ විසින් පසුගිය 18වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසි මගින් මහජනයාගේ විරෝධතා දැක්වීමේ අයිතිය කෙළසන බව නීතිඥ ජගත් ලියනආරච්චි විසින් ලියන ලදුව මෙම වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියකින් පෙන්වා දේ.

සිය පූර්වගාමියා වූ ගොඨාභය රාජපක්ෂ පළවා   හැරීමට තුඩු දුන් ප්‍රජාතන්ත්‍ර විරෝධී මාධ්‍යයන් පාවිච්ඳුචි කරන  ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට බදාදා සපථ කළ බව එෆ්පී  පුවත් සේවය වාර්තා කර තිබේ.

පසුගිය සතියේ රටින් පැන ගොස් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂගෙන් පසු පාර්ලිමේන්තු ඡන්දයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු එවැනි ප්‍රචණ්ඩත්වයට හිස නොනමන බව කියා සිටියේ සිය ප්‍රථම කාර්යය වශයෙන් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවී ඔවුනට ප්‍රශංසා කිරීමෙන් පසු ගංගාරාම පන්සලෙහිදී කතා කරමිනි.

රනිල් රාජපක්ෂ, යුද සහ පොලිස් නිලධාරීනට ස්තුති කළේ ජාතික පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ප්‍රභූ පොලිස් සහ හමුදා ඒකක හමුවී ප්‍රධාන රාජ්‍ය සංකේත ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි.

මෙම ස්තුති කිරීම කලින් සූදානම් කර තිබූ බවත් එහි සිටි සියලු ආරක්ෂක හමුදා නිලධාරීනගේ අවි ආයුද ඉවත් කරන සේ උපදෙස් දී තිබූ බවත් වෙනත් ආරංචි මාර්ග පවසයි.

“ඔබ ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන්නේ නම්, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ, එය නීතියට පටහැනියි,” රනිල් රාජපක්ෂ වාර්තාකරුවන්ට කීවේය.

රනිල් රාජපක්ෂගේ එම ප්‍රකාශය කරන අවස්ථෘවෙහිදීම වාගේ අඹිළිපිටිය ගෝටා ගෝ ගම පරිශ්‍රයට කඩා වැදුනූ රාජ්‍ය අනුග්‍රහය ලත් මැරවර පිරිස් එම තාවකාලික ඉදිකිරීම් සහමුලින්ම විනාශ කළහ.

“අපි ඔවුන් සමඟ නීතියට අනුව ස්ථිරව කටයුතු කරන්නෙමු. දේශපාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා හඬනඟන නිහඬ බහුතරයකගේ අභිලාෂයන් යටපත් කිරීමට විරෝධතාකරුවන් සුළුතරයකට අපි ඉඩ දෙන්නේ නැහැ.” යැයි ඔහු කී බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.

ඔහුගේ තේරී පත්වීමෙන් ටික කලකට පසු, ඔහු ජාතික පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ප්‍රභූ පොලිස් සහ හමුදා ඒකක හමුවී ප්‍රධාන රාජ්‍ය සංකේත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කිරීමට, ඔහුගේ කාර්යාලය පැවසීය.

වික්‍රමසිංහ යනු කලක් බලවත් රාජපක්ෂ පවුලේ රෑකඩයක් බවත් සමහර අන්තර් ජාතික මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ සහායකයකු ජනාධිපති බවට පත් කර ගැනීම මගින් ශ්‍රී ලංකාව යළි දේශපාලන අස්ථාවරත්වයතට අත වනා ඇතැයි  පයිනෑන්ෂල් ටයිම්ස් නම අන්තර් ජාතික පුවත්පත වාර්තා කළේය.

රාජපක්ෂ පවුල මෙන්ම  රනිල් රාජපක්ෂද මර්දනයට සහ දූෂණයට නම් දරා තිබේ.

මේ අතර කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රනිල් රාජපක්ෂයට සහාය පළ කරමින් ප්‍රචාරයක් ගෙන යමින් සිටිති. මෙම පිරිස් අතර කළකට පෙර මෙරට මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගූ පිරිස් ද වෙති.

 

Archive

Latest news

Related news