Thursday, March 28, 2024

ජනාධිපති අසාර්ථකයි; ඇමැති 15කට සීමා කර මස 06ක සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න – මහ නා හිමිවරු ලියති.

ග්‍රැෆික් රෑපය වෙරිටේ රිසර්ච් වෙතිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් කරුණු 10කින් යුත් ලිපියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ පාර්ශ්ව හතරේ මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත යොමු කර තිබේ.

එහි කියා සිටින්නේ මාස හයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එමගින් සාර්ථක ප්‍රතිපල නැතොත් වහාම මහා මැතිවරණයකට යන ලෙසයි. ප්‍රතිපල ඇතොත් සහ සියලු පක්ෂ එකඟ නම් එය ූපරිම වශයෙන් මාස 18ක් පමණක් පවත්වාගෙන යන ලෙස එය යෝජනා කරයි.

එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇමැතිවරු 15 දෙනෙකුගෙන් සමන්විත අමැති මණ්ඩළයක් පිහිටුවන ලෙසයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා  වහා ක්‍රියාත්මක වන  ලෙස ඔවුහු ඉල්ලා සිටිති

මේ අවස්ථාවේදී පක්‍ෂ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දොස් පවරන එම ලිපිය  ඒ වෙනුවට ආර්ථික අර්බුදයට නිසි විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.

නිසි ආර්ථික සැලැස්මකින් තොරව පරිපාලනය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ඇති බවද මහනාහිමිවරු අවධාරණය කර තිබේ.

 

Archive

Latest news

Related news