Friday, April 26, 2024

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) එය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම සහ අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වය මෙන්ම  රටේ නීතිය හා සාමය පිරිහීමට ද හේතු වී තිබෙන බව සඳහන් කරයි.

බලධාරීන් විසින් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදන අනුපිළිවෙල   එම ප්‍රකාශය මෙලෙස දක්වයි:

2022 ජූනි 17 ඔක්ටේන් 92 පෙට්‍රල් බැරල් 300,000ක් නැව්ගත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6කට ණයවර ලිපි විවෘත කර ඇති බව නිවේදනය කිරීම.

2022 ජූනි  19පෙට්‍රල් සහ ඩීසල් නැව්ගත කිරීම් සඳහා පිළිවෙළින්  ඇ.ඩො. මිලියන 90 ක් සඳහා ණයවර ලිපි විවෘත කළ බව නිවේදනය කිරීම.

2022 ජූනි 23  – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක ඉන්ධන භාණ්ඩ බෙදා හැරීම එක් දිනකින් ප්‍රමාද වී ඇති බව නිවේදනය කිරීම.

2022 ජූනි 24පෙර දින පැමිණීමට තහවුරු කරන ලද පෙට්‍රල්  තොගය තවදුරටත් ප්‍රමාද වූ බවත්, පැමිණීමේ නව දිනයක් පසුව තහවුරු කරන බවත් සැපයුම්කරු විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) දන්වා ඇති බව නිවේදනය කිරීම.

2022 ජූනි 25 – ‘බැංකු සහ සැපයුම්හේතූන් මත නියමිත වේලාවට ඉන්ධන ලබාදීම ඉටු කිරීමට නොහැකි වීම ගැන සැපයුම්කරුවන් දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කිරීම.

ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වලට නොයන  ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු නැව්ගත කල ඉන්ධන පැමිණෙන දිනයන් තහවුරු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි බව ප්‍රකාශ කිරීම.

මීළඟ බොරතෙල් තොගය පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු වසා තබන බවද ඔහු වැඩිදුරටත් නිවේදනය කිරීම.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා 2022 ජූනි 26 වැනි දින මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර මෙම මාධ්‍ය හමුවේදී හෙළිදරව් වූ තොරතුරුවලින් මනාව පැහැදිලි වන්නේ බලධාරීන් බොරු බලාපොරොත්තු ලබා දෙමින් ජනතාව අඳුරේ තබා ඇති බව යැයි නීතිඥ සංගමය ප්‍රකාශ කරයි. මීළඟට මෙරටට ඉන්ධන නැව්ගත කරන දිනය නොදන්නා බවත්, මීළඟ ඉන්ධන නැව්ගත කිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවතින බවත් තිබූ සංචිත වඩා හොඳ ආකාරයකින් කළමනාකරණය නොකළේ මන්දැයි පැහැදිලි කිරීමක් කර නොමැති බවත් එය තවදුරටත් සඳහන් කරයි.

“ආර්ථික අර්බුදයෙන් දැනටමත් සංකීර්ණ වී ඇති ජනයාගේ දෛනික ජීවිතයේ සෑම අංශයකටම බලපාන ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව කාලෝචිත, නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබා දීමට රජය අසමත් වීම පිළිබඳව නීතිඥ සංගමය කනස්සල්ලට පත්ව සිටී.”

නීතිඥ සංගමය තව දුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ව්‍යාකූලත්වය සහ නිල ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින අවිශ්වාසයයි.

ආර්ථික අර්බුදයෙන් දැනටමත් සංකීර්ණ වී ඇති ජනයාගේ දෛනික ජීවිතයේ සෑම අංශයකටම බලපාන ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව කාලෝචිත, නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබා දීමට රජය අසමත් වීම පිළිබඳව නීතිඥ සංගමය කනස්සල්ලට පත්ව සිටී.

ඉන්ධන ලබාගැනීම සඳහා පැය 24කට වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට දස දහස් ගණන් ජනයාට සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කාලය හා ඵලදායිතාව විශාල වශයෙන් අපතේ යෑමක් සිදුවේ. ඉන්ධන පෝලිම් හේතුවෙන් නොසන්සුන්තාව සහ ප්‍රචණ්ඩත්වය ඇති වී ඇති අතර ප්‍රජාවේ විවිධ කොටස් අතර අවිශ්වාසය ඇති වී තිබේ. ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී දර්ශන සහ ජනතාව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර ගැටුම් ඇති වී තිබේ. පෝලිම්වල රැඳී සිටියදී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

අධික මිලට ඉන්ධන විකිණීමේ කළු වෙළඳපොලක් වර්ධනය වන බව වාර්තා  වන අතර එවැනි ක්‍රියාකාරකම් මැඩලීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දරනු ලබන්නේ ඉතා සුළු ප්‍රයත්නයකි. ජූලි මස මුල් සතියේ පැමිණෙන බව කියන ගෑස් තොගයක් අපේක්ෂාවෙන් පාර දෙපස හිස් ගෑස් සිලින්ඩර සහිත දිගු පෝලිම් දක්නට ලැබේ.

ඉන්ධන හිඟය, ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම ඇතුළු ආර්ථිකයේ සෑම අංශයකටම තර්ජනයක් වෙමින් පවතී. එය  මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකාවේ අපනයනවලට අහිතකර ලෙස බලපායි. යුක්තිය පසිඳලීමට පවා නිෂේධාත්මක බලපෑමක් ඇති කරයි.

තවද, මෙම තත්වය යටතේ සාධාරණත්වය සහ යුක්තිය සහතික කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇත.

ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදා හැරීම. කෙටි කාලීනව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සම්බන්ධයෙන් ස්වකීය සැලසුම් පිළිබඳව මහජනතාවට කාලෝචිත හා ප්‍රමාණවත් තොරතුරු වහාම ලබා දෙන ලෙස නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

පොදු ප්‍රවාහනයට සහ අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන බව සහතික කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ජනතාවට සාධාරණ හා යුක්ති සහගත ලෙස ඉන්ධන බෙදා හැරීම සහතික කිරීම සඳහා ඵලදායි සැලැස්මක් අදාළ පාර්ශ්වකරුවන් සමඟ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසු වහාම සකස් කරන ලෙසත්  ඉන්ධන අර්බුදයෙන් රට මුදාගැනීමේ සැලසුම් පිළිබඳ මාර්ග සිතියමක් මහජනතාවට ඉදිරිපත් කරන ලෙසත් නීතිඥ සංගමය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි වත්මන් තත්ත්වයෙහි බරපතළකම සහ ඇති විය හැකි  බරපතළ ප්‍රතිවිපාක තේරුම් ගන්නා ලෙස නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලින් සහ අනෙක් භූමිකා දරන්නන්ගෙන්  නීතිඥ ඉල්ලා සිටී. ශ්‍රී ලංකා රජය කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර විශ්වාසය යළි ඇති කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම වහාම ගන්නා ලෙස ද එය  ඉල්ලා සිටී.

මේ අවස්ථාවේදී රටේ යහපත සඳහා ජනාධිපතිවරයා ඇතුළු අදාළ අනෙකුත් සියලුම දේශපාලන කණ්ඩායම් ජනතාවට සිදුවන දුෂ්කරතා පිළිබඳ වගකීම තමන් විසින් දැරීම අවශ්‍ය වේ.

සාලිය පීරිස්, (ජනාධිපති නීතිඥ) සභාපති

ඉසුරු බාලපටබැඳි, ජනාධිපති නීතිඥ, ලේකම්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

(ඉංග්‍රිසි බසින් පළ කරන ලද ඉන්ධන හිඟය සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ ප්‍රකාශය අසුරිණි.)

නිල පරිවර්තනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news