Saturday, April 20, 2024

මඩකලපුව – උඩරට වියළි කලාපයට ගොයම් කපන්න ඩීසල් නෑ. ඩීසල් බවුසර් 3000 ක් අවශ්‍යයි. එන තෙල් ටික වැලි ජාවාරම්කාරයෝ ගන්නවා.

උඩරට වියළි කලාපය, මඩකලපුව ගොයම් පැහෙනවා. කොළ මඩින යන්ත්‍රවලට ඩීසල් නෑ, අතර මැද කන්නට බිම හාන්න ඩීසල් නෑ

උඩරට වියළි කලාපයේ ත්, නැගෙනහිර පලාතේ මඩකලපුව මායිමේත් වී ගොවීන් අස්වනු නෙලා ගැනීමට ඩීසල් නොමැතිකම නිසා අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. කොළ මඩිය යන්ත්‍ර සඳහා ඉන්ධන නොලැබේ නම් නිසි කලට නෙලාගත නොහැකිව වී අස්වැන්න විනාශ වී යන්නේයැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

පිලිලුමලේ, වෙල්ලාවලි, මණ්ඩූර්, එරාවුර්, ඔට්ටමාවඩි යන මඩකලපුව කලාපයේ ත්,  පොතුවිල්, අක්කරේපත්තු ප්‍රමුඛ කුඩා වාරි ජල සැපයුම් සිදුකළ කලාපයන් හි ත් උඩරට වියළි කලාපයේ හෙල්මළු වගාවේත් වී අස්වනු නෙලීමට ඇරඹිය යුතුව ඇත.  වැලිමඩ, ඌවරණගම, හාලි ඇළ ඇතුළු කලාපයේ මේ වන විට කරල් පැසී ඇත.

ගල්ඔය වාරි ජලයෙන් වගා කරන අඩ්ඩාලච්චේන, නින්දවූර්, කල්මුණේ, සමන්තුරේ, මධ්‍යම කඳවුර වී අස්වනු දවත් දින 10 කින් කැපීම ඇරඹීමට අවශ්‍යය. මේ කිසිදු ස්ථානයකට ප්‍රමුඛතාව මත ඩීසල් ලබාදීම සිදු නොවේ. කොළ මඩියන යන්ත්‍ර හෝ ට්‍රැක්ටර් මගින් අස්වනු නෙලීම සිදු කළ නොහැකි තත්වයක් මේ වන විට පවතී.

අගෝස්තු 10 දක්වා වී අස්වනු නෙලීම සිදුවන අතර, අක්කරයක ගොයම් මැඩීම සඳහා ඩීසල් ලීටර් 20 ක් අවශ්‍ය වේ.  ප්‍රවාහණය ආදී නොතකා හැරිය ද, ඉදිරි දින 40 තුල ඩීසල් බවුසර 3000 ක් මෙම කලාපයට කොළ මැඩීම සඳහා පමණක් අවශ්‍ය වේ.

මහඔය, පදියතලාව ඇතුළු අම්පාරේ ගොඩ වගාව සිදු කරන කලාපයේ කවුපි,  මුංඇට වගාවට බිම සැකසන සමය (අතරමැදි කන්නය) මේ වන විට ඇරඹී ඇත. පදියතලාව ඉන්ධන පිරවුම්හලෙන් පස් හා වැලි ව්‍යාපාරයට තෙල් සැපයීම සිදු කරන අතර, මහඔය පිරවුම්හලෙන් පමණක් ගොවීන්ට සුළු වශයෙන් ඉන්ධන සැපයීම සිදු කරයි.

රිදීමාලියද්ද, ආඳාඋල්පත කලාපයේ ගොඩ ගොවිතැන ද මේ වන විට ඩීසල් නොමැතිකම නිසා දැඩි අර්බුදයකට පත්වී ඇත.

පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් සාගතයක් පවතින රටක ගොවියාගේ අස්වැන්න නෙලා ගැනීමට වඩා වැලි පස් ජාවාරම්කරුවන්ට ඉන්ධන නිකුත් කිරීම ඛෙදවාචකයකි.

ජූනි – අගෝස්තු මාසයන් හි පහතරට වියළි කලාපයෙන් රටට අවශ්‍ය එළවළු නිෂ්පාදනය සිදුවන්නේ වතුර මෝටර මගින් ජල සම්පාදනය සිදු කිරීම මගිනි. එසේ නොවන්නේ නම්, වගා විනාශ වී තවදුරටත් ආහාර හිඟය උග්‍රවනු ඇත්තේය.

රජිත් කීර්ති තෙන්නකෝන්

Archive

Latest news

Related news