මාස් පොත සහ අතුරුගිරිය පොලිස් අවනීතිය: මෙහෙම ගියොත් භයානක ප්‍රතිපළ ඇති වේවි! – නී්තිඥ සංගමය

1070

පසුගිය දිනයන්හි ඉන්ධන පෝලිම් වලදී පොලිසිය මහජනයාට අනිසි ලෙස සැළකීම ගැන නිවේදනයක් නිකුත් කරන නීතිඥ සංගමය, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සෑම විටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු බව සඳහන් කරයි.

රජය සහ නිතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් ඇති දැඩි අවිශ්වාසය හේතුවෙන් රටට බලපාන භයානක ප්‍රතිපළ ඇතිවිය හැකි අතර එමගින් නැවත සැකසිය නොහැකි දැඩි හානි සිදුවිය හැකි බවත් එම ප්‍රකාශය සදහන් කරයි.

තවද මහජනයා මුහුණ දෙන බර සැහැල්ලු කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස එය රජයෙන් ඉල්ලා සිටී.