Friday, April 26, 2024

යාපනයේ හමුදා වෙඩි වලින් පැට්රල් පෝලිමට ගිය සිවිල් වැසියන් හතර දෙනෙකුට තුවාල

ඉන්ධන පිරිමැසීම සඳහා රජය සති දෙකක පාසල් වසා දැමීම හේතුවෙන් පෙට්‍රල් හිඟයට එරෙහිව මෝටර් රථ හිමියන් දැකුවූ විරෝධතාවයක් මැඩලීමට යුද හමුදාව වෙඩි තැබීම නිසා යාපනයේ විශ්වමඩුහිදී  සිවිල් වැසියන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ කුරුණෑගල මාස්පොතදී පොලිස් නිලධාරියකු ඉන්ධන  පෝලිමක අසාධාරණයකට විරුද්ධව කතා කල පුද්ගලයකුට පිස්තෝලය එල්ල කර තර්ජනය කල සහ අතුරුගිරියෙහි දී සිවිල් ජනයාට පහර දීමට පසුදාය.

තෙල් බවුසර් හිමියන් අනීතිකව හිතවත්කම් මත තෙල් බූලි ගණන් බෙදා දෙන සැටි සහ පොලිසිය අනීතිව තමන්ගේ හිතවතුන්ට පොලිම් පැන ඉන්ධන ලබා දෙන අවස්ථා වීඩියෝ සාක්ෂි මගින් තහවුරු වී තිබේ.

කුලියට ගත් අගමැති මෙම තත්වය ගැන කටක් ඇර නැත.

දකුණේ මෙන් නොව උතුරෙහි ඉන්ධන පෝලිම් පාලනය කිරීමට පවා යුද හමුදාව යොදා තිබේ.

අන්තර් ජාලයේ සංසරණය වන වීඩියෝවක් පෙන්නුම් කරන්නේ හමුදා භටයින් පොලු   රැගෙන ජනයා සොයා දිවයන හැටිය. ඒ අතර වාරයේ  පසුබිමින් වෙඩි හඬ ඇසේ.

මෙය සිදුවූයේ සෙනසුරාදා රාත්‍රියේය.  විශ්වමඩු ප්‍රදේශයේදී භට පිරිස් වෙඩි තැබුවේ ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වීම නිසා බව හමුදා ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න පවසන නමුත් ගල්මුල් වලට ජීවී උණ්ඩ වලින් පිළිතුරු දීම සාධාරණ කරන්නේ කෙසේදැයි ඔහු කියන්නේ නැත.

යාපන ආරංචි මාර්ග පවසන්නේ යුද හමුදාවට ගල්  ගැසූ කතාව අසත්‍ය බවයි.

යුද හමුදාව කියන්නේ සොල්දාදුවන් තිදෙනෙකුට තුවාල වී ඇති බවයි. ඒසේ නමුත් ඔවුන් තුවාල ලැබූවේ ගල් පහරවලින් බව සනාථ කල හැකි වාර්තා ඉදිරිපත්ව නැත.

පෙට්‍රල් අවසන් වීමත් සමඟ රථ වාහන රියැදුරන් විරෝධතා දැක්වීමට පටන් ගත් අතර එය හමුදාව සමඟ ගැටුමක් දක්වා වර්ධනය වූ බව පොලිසිය පවසයි.

සලාක පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී රඹුක්කන මධ්‍යම නගරයේ දී පොලිස් වෙඩි පහරින් රියදුරෙකු මිය ගියේය.

දකුණේ දී පොලිසිය දක්වන මර්දනකාරිත්වය ගැන දන්නා පිරස් පවසන්නේ සිවිල් ජනයාට පහර දෙන පොලිසිය සහ හමුදාව සෑම විටම වාගේ බොරු හේතු ඉදිරිපත් කරන බවයි.

 

 

Archive

Latest news

Related news