Tuesday, July 16, 2024

භික්ෂූන් දෙනමක් ද ඇතුලු අරගලයේ ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංඟුවට ගැනීමට පොලිසිය අධිකරණ නියෝගයක් ගනී.

ඡායාරූපය: අරලගලයේ නායක භූමිකාවක් රඟපානා කලාකරු ජෙහාන් අප්පුහාමි ද අත් අඩංඟුවට ගැනීමට නියෝග කර තිබේ. ( ඡායාරූප අයිතිය: සමපත්  සමරකොන්)

පසුගිය මැයි 09දා පැවැති විරෝධතාවයන් හිදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදුනේ යැයි වසන්ත මුදලිගේ, ලහිරු චතුරංගල, රතිඳු සේනාරත්න නොහොත් රුට්ටා, ජගත් මණුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරත්න හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි යන අරගලයේ ක්‍රියාකාරී පිරිස් අත්අඩංඟුවට ගෙන කඩුුවෙළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ වන විට රට පුරා අරගලයට සම්බන්ධ ක්‍රියාකාරී පිරිස් අත්අඩඟුවට ගනිමින් තිබෙන අතර එම අත්අඩංගුවට ගැනෙන්නේ පොදු පෙරමුණේ දේශපාලනඥයන්ගේ උසිගැන්වීම් පිට බවට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්දයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news