Thursday, March 28, 2024

ඇමැති ධූරයක් සූදානම් ධම්මික පෙරේරා, සහෝදරයාගේ නමට ලියූ බෙලිස් කැසිනෝව මිලියන 575ක් බදු ගෙවා නැහැ! 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  (IRD)  ලබන බදු ආදායම දරුණූ ලෙස පහත වැටී තිබියදී  රාජ්‍යයට රුපියල් බිලියන ගණනක් ගෙවිය යුතු බදු වංචාකරුවන්  බදු ගෙවීම මඟ හරිමින් සිටිති. එම ජාවාරම් අතර  අතර  ශ්‍රී ලංකාවේ බලවත්ම සහ බලගතු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට සම්බන්ධ කැසිනෝ ජාවාරම් දෙකක්ද වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සම්පාදනය කරන ලද මග හැරීමේ ලැයිස්තුවට අනුව සීමාසහිත Bally’s Company ට අයත් Bally’s Casino Colombo රුපියල් මිලියන 575 ක බදු පැහැර හැර ඇත. කෙසේ වෙතත්, මෑතකදී අධිකරණයේ නඩුවක් සමථයකට පත් කිරීමේදී කොටසක් ගෙවීමට සමාගම එකඟ වී ඇත.

සීමාසහිත රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩිංග්ස් සමාගමට අයත් මරීනා කලම්බු රුපියල්  මිලියන 760,ගෙවීම පැහැර හැර ඇති බව .දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දත්ත පෙන්නුම් කරයි. ලැයිස්තුවට අනුව සම්පූර්ණ මුදල ඉක්මනින් පියවීමට පොරොන්දු වෙමින් කොටසක් ගෙවීමක්ද කර තිබේ. එය  රවී විජේරත්නට අයත් වන අතර අනෙක වන Bally’s Casino Colombo කලින් ධම්මික පෙරේරාට අයත්ව තිබූ නමුත් දැනට ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ සොහොයුරා වන අනුරාධ පෙරේරාගේ නමිනි.

2019 වසරෙහි ශ්‍රී ලංකාවේ වඩාම ධනවත් පුද්ගලයා වූ ධම්මික පෙරේරා සතුව කැසිනෝ ජාවාරම් පහක් තිබුණි.

බැසිල් රාජපක්ෂ හෙට බ්‍රහස්පතින්දා පාර්ලිමෙන්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන අතර ඒ හිඩැස පිරවීමට ධම්මික පෙරේරා පත් කැරෙන බවත් ඔහු දැනටමත් පොදු ජන  පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බවත් ආණ්ඩුවට සම්බන්ධ හිරු නාලිකාව වාර්තා කර තිබේ.

රාජපක්ෂ පවුලේ කිසිවකුට මීළඟ මැතිවරණයකදී ජනාධිපති හෝ අගමැති ධූරයට ඉදිරිපත් වීමට ඇති දුෂ්කරතා හමුවේ ධම්මික පෙරේරා එම හිඩැස පිරවීමටද කුරුමානම් අල්ලමින් සිටින බව කියැවේ.

ධම්මක පෙරේරා ගේ ධනය සහ රාජපක්ෂ පවුලේ ධනය අතර සමීප සබඳතා ඇති බවට පසු ගිය කාලයේ සමාජ ජාල වාර්තා කළේය.

කෙසේ වෙතත් ධම්මික පෙරේරා යනු රාජපක්ෂ පවුලට ඉතා සමීප දේශපාලන දානපතියෙකු යැයි ද කියැවේ.

පවතින නීති අනුව මෙළෙස අති විශාල බදු මුදල් නොගෙවා සිටීම මෙරට ජාවාරම්කාර පංතියේ කූටෝපායකි.

ධම්මික පෙරේරා වැනි ජාවාරම්කාර ධනපතියන්ට පාර්ලිමේන්තු පැමිනීමට අවකාශය සහ පාලම සකස් කර දුන්නේ රනිල් වික්‍රමසිංහ විසිනි.

සන්ඩේ ටයිම්ස් ජුනි 06වන දින පළ වු වාර්තාවක තොරතුරු ද ඇසුරිණි.

අසෝකා ජයවර්ධන. 08.06.22

 

 

Archive

Latest news

Related news