Friday, April 26, 2024

මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේ ගේ මාධ්‍ය හැදුනුම්පත බලයෙන් ගැනීමට නාවික හමුදාව දැරූ උත්සාහය සහ තර්ජන හෙළා දකිමු! – PARL

ඡායාරූපය: කුමනන් ගේ මාධය හැදුනුම්පත බලහතකාරයෙන් ලබා ගැනීමට නාවික හමුදාව දැරූ උත්සාහයට කුමනන් විරුද්ධ විය.

2022 ජූනි 09 වනදා, ශ්‍රී ලංකා නාවික හමුදාව (SLN) සහ පොලිසිය විසින් දෙමළ මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලේට තර්ජනය කිරීම සහ හිරිහැර කිරීම ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) හෙළා දකී. මුලතිව්, වට්ටුවාකල් ප්‍රදේශයේ, “ගෝඨාභය නාවික හමුදා කඳවුර” පුළුල් කිරීම සඳහා දෙමළ ප්‍රජාවට අයත් ඉඩම් තවත් හෙක්ටයාර 250ක් ඩැහැගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ගත් උත්සාහයක් වාර්තාකරණයේ නියැළෙමින් සිටියදී මෙම හිරිහැරය සිදු වි ඇත.

වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් කුමනන්ට ඔහුගේ මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස ආක්‍රමණශීලී ලෙස ඉල්ලා සිටින බවයි.යුද්ධය පැවති කාලයේදීත්, ඉන් පසුවත් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ එලෙස ක්‍රියාකර ඇති නමුත්, මාධ්‍යවේදීන් සිවිල් පරිපාලනයේ කොටස්කරුවන් නොවන බැවින් ඔවුන්ගෙන් අනන්‍යතාවය විමසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට බලයක් නොමැත.

තරුණ හා ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියෙකු වන කුමනන් @kumanan93 මානව හිමිකම් කඩවීම් සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳව උතුරු නැගෙනහිරින් වාර්තා කරන අත්‍යවශ්‍ය හඬකි. ඔහු මිලිටරි ව්‍යාප්තකරණය, ඉඩම් කොල්ලකෑම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, සෝදිසි කිරීම්, අනුස්මරණ අයිතිය මර්දනය කිරීම සහ උතුරු හා නැගෙනහිර දෙමළ ප්‍රජාව මුහුණ දෙන අනෙකුත් බරපතල ගැටළු පුළුල් ලෙස ආවරණය කර ඇත.

මෙම අත්‍යවශ්‍ය ප්‍රශ්න උද්දීපනය කිරීම සඳහා ඔහු තම පුද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක් කරන අතර නිරන්තරයෙන් බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත.

කුමනන් යනු හුදෙක් තම රාජකාරිය කිරීම නිසා ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ හිරිහැරවලට ලක් වූ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් බොහෝ මාධ්‍යවේදීන්ගෙන් කෙනෙකි. දකුණේ විරෝධතා දැක්වීමේ අයිතිය සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වයේ නව ප්‍රවණතාවක් තිබියදීත්, උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් බිය ගැන්වීම් දිගටම සිදු කරනු දැකීමට ලැබීම මහත් කනස්සල්ලට කරුණකි. දකුණේ විරෝධතාකරුවන්ට සහ මාධ්‍ය නිදහසට බෙහෙවින් සහාය වූ මාධ්‍යය මාධ්‍යවේදීන්, නීතිඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල අවම හෝ ආවරණයක් නොලැබෙන ප්‍රශ්න වාර්තා කිරීමට තමන්ම අවදානමට ලක්ව වැඩ කරන කුමනන් වැනි මාධ්‍යවේදීන් සමඟ සිටිය යුතුය.

ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද ඉඩම් කොල්ලකෑමේ උත්සාහය හෙළා දකින අතර, උතුරු හා නැගෙනහිර ප්‍රදේශ හමුදාකරණයට ලක් කිරීම ඉවත් කිරීම සඳහා වූ දීර්ඝකාලීන ඉල්ලීම යලි අවධාරණය කරයි. යුද්ධය අවසන් වී වසර 13කට පසුවත් හමුදා ඉඩම් කොල්ලකෑම් නිතර සිදුවන අතර දෙමළ ජනයා දහස් ගණනක් අවතැන්ව සිටින්නේ ඔවුන්ගේ මුල් ඉඩම් තවමත් හමුදා ආක්‍රමණය යටතේ පවතින වටපිටාවකයි.

එවැනි පියවරයන් තුළින් මිනිසුන්ගේ පූර්ණ ජීවිතයක් සඳහා ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීම සැමවිටම පිළිගත නොහැකි නමුත් උතුර ඇතුළු මුළු රටම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතරතුර මෙම ඉඩම් කොල්ලය විශේෂයෙන් නිර්ලජ්ජිත ක්‍රියාවකි.අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයන් සහ උද්ධමනය සමඟ ජීවත් වීමට මිනිසුන් අරගල කරන අතරතුර පවා ශ්‍රී ලංකා රජය ‘ජාතික ආරක්ෂාව‘ පිළිබඳ න්‍යාය පත්‍රය දිගටම කරගෙන යාම භයානක නමුත් පුදුමයට කරුණක් නොවේ.

ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) යනු 2011 වසරේ සිට ඉඩම් කොල්ලකෑමට එරෙහිව සහ ශ්‍රී ලංකාවේ ආන්තික ප්‍රජාවන්ගේ නිවාස, ඉඩම් සහ දේපළ අයිතිවාසිකම් සඳහා එක්ව කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන්ගේ ස්වේච්ඡා සන්ධානයකි. පාරිසරික, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් සහ කාන්තාවන්, කුඩා පරිමාණ ගොවීන්, ධීවර ප්‍රජාවන්, වතු කම්කරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් සමන්විත වන මෙය පාරිසරික, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් සහ ප්‍රජා පාදක සංවිධාන ඔස්සේ අවදානමට ලක්වූවන් ඔවුන්ගේ ඉඩම්වලින්, ධීවර කටයුතු සඳහා වූ ප්‍රදේශවලින් සහ නිවාසවලින් නෙරපා හැරීමට එරෙහිව සටන් කරන; සහ අවතැන් වූ ප්‍රජාවන්ගේ අරගල සමඟ සහයෝගීව කටයුතු කරයි.

කුමනන් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ (PARL) ක්‍රියාකාරකම් වලට සහභාගී වී සංවිධානය කිරීමට උදව් කර ඇති අතර ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ  හවුල්කරුවෙකු වී ඇත. අපි ඔහු සමඟ සහයෝගයෙන් සහ සහයෝගයෙන් නැගී සිටිමු.

 

Archive

Latest news

Related news