Wednesday, April 24, 2024

අධිකරණය ඉදිරිපිට පාර අවහිර කළැයි රනිල්-ගෝටා ආණ්ඩුව හිමිකම් ක්‍රියාධර පිරිස් පසුපස පන්නයි!

ඡායාරූපය: රනිල්-ගෝටා ආණ්ඩුවේු මර්දනය දිනක් පාසා ඉහළ යමින් ඇත්තේ අලුත්ම කැරැලි මර්දන උපකරණ ද ගෙන්වමිනි. (මුල් ඡායාරූප:Thilina Kaluthotage @ThilinaKalu)

පසුගියදා  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරුණ බවට දෙනා කොට හිමිකම් ක්‍රියාදර පිරිස් අත්අඩංඟුවට ගැනීමට කොම්පඤඤ වීදිය පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙළෙස අත්අඩංඟුවට ගැනීමට සැළසුම් කර ඇති පිරිස පහත දැක්වේ. ඒ අතර බෞද්ධ භික්ෂුන් දෙනෙකේ, කතොගික පියතුමකු. වෘත්තීය සමිති නායකයකු ද වේ.

මෙයට සුලු වේලාවකට පෙර රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න ප්‍රකාශයක් ගැනීමට කැඳවා අත්අඩංඟුවට ගන්නා ලදී.

ඔහු  ගාලු මුවදොර ගොටා ගෙදර පල විරෝධතා ව්‍යාපාරයේ කැපී පෙනන චරිතයකි.

රනිල්-ගෝටා ආණ්ඩු්ඩු විසින් දියත් කර ඇති මර්දනයේ කොසෙක් ලෙස මෙම අත්අඩංඟුවට ගැනීම් දැක්විය හැකි බව මානව හිමිකම් ප්‍රජාව අදහස් දක්වති.

මේ අතර ගෝටා ගෝ ගමට එල්ල වූ මැරවර ප්‍රහාරයට ඉඩ සළසන ලද නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩගුවට ගැනීම වෙනුවට දෙසතියක නිවාඩුවක් ලබා දි තිබේ. රාජකාරිය පැහැර හැරීම වෙනුවෙන් ඔහු අත් අඩංඟුවට ගත යුතු බවද මානව හිමිකම් ප්‍රජාව පවසති.

 

Archive

Latest news

Related news