Sunday, May 5, 2024

චම්පික රණවකට ආණ්ඩුවට පැනීමට කඩුල්ල පහත් කරයි!

චම්පික රණවක විසින් ගෝටාගේ අගමැති රනිල් වික්‍රමසංහ වෙත යවන ලද ලිපියට පිළිතුර යවමිිින් ඔහුටද ආණ්ඩුවට පැනීමට හැකි පරිදි කඩුල්ල පහත් කර තිබේ.

එම ලිපියෙන් වික්‍රමසිංහ චම්පික රණවක විසින් අසන ලද පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම පහත සඳහන් ප්‍රශ්ණය දෙකටද නිසි  පිළිතුරු දී නැත.

02. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වන දින වකවානු පිළිබඳව ඔබ සමග සාකච්ඡා කර තිබේද? ඒ සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

05.දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මූල්‍ය විනිවිදභාවය, සමාජය කෙරෙහි වගවීම සහ මැතිවරණ වලදී විද්‍යුත් ජනමාධ්‍ය වල දේශපාලන පක්ෂපාතිත්වය වැලැක්වීම තහවුරු කෙරෙන මැතිවරණ  නීති ප්‍රතිසංස්කරණයක් කඩිනමින් හඳුන්වාදීමට ඔබ කටයුතු කරන්නේද ?

එසේ නමුත් ආංචි මාර්ග සඳහන් කරන්නේ චම්පික රණවක, සජිත් ප්‍රේමදාස අතහැර වික්‍රමසිංහ සමඟ එක් වීමට කැමැත්තෙන්   සිටින  බවයි.

ගෝටාගේ අගමැති වික්‍රමසිංහ විසින් එවන ලද ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news