Saturday, July 27, 2024

හදිසි නීතිය ඉවත් කර ගන්න; පැනවීමට හේතු ජනයාට කියන්න – කණස්සල්ල‍ෙ පත් නීතිඥ සංගමය ජනපතිට කියයි.

2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී.

2022 අපේ‍්‍රල් මස 02 වැනි දින , ජනාධිපතිතුමා කෙටි කාලයකට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ පරිදි,  සිදුවෙමින් පවත්නා ඇති මහජන විරෝධතා සහ වැඩ වර්ජන රැල්ල ඇතුළුව රට මුහුණ දී සිටින වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප‍්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බව නීතිඥ සංගමයේ  අදහසය.

සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිතා නොකළ යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. විරෝධතා ප්‍රචණ්ඩ නොවිය යුතු අතර සෑම විටම සාමකාමීව පැවතිය යුතුය.

රටත් ජනතාවත් මුහුණ දී සිටින බරපතල අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගන්නා ලෙස අපි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

තමන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව කුමක්ද යන්න වහා ජනතාවට පැහැදිලි කරන ලෙස නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. හදිසි නීතිය ප්‍රකාශ කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙසත්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසත් අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

මහජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයන් රාජ්‍යය හෝ එහි නියෝජිතයන් විසින් ගරු කරමින්  ආරක්ෂා කළ යුතු අතර ඒවා උල්ලංඝනය නොකළ යුතුය.

සිය උල්ලංඝනය කළ නොහැකි  උරුමයේ කොටසක් වන  මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සන්සුන්ව සිටින ලෙසත් සාමකාමීව ක්‍රියා කරන ලෙසත් නීතිඥ සංගමය  රටේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉංගිුසි බසින් කරන ලද මෙම කෙටි ප්‍රකාශයේ  සිංහල පරිවර්ථනය අපෙනි.

ඉංග්‍රිසි බසන් ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙහි කියවිය හැකිය.

Archive

Latest news

Related news