Tuesday, July 16, 2024

අරගලය පරජය කිරීමට “ගෝටා ගෝ ගම”ට ඥණක්කා මැතිරූ වතුර බෝතල් දහස් ගණනක්! 

Original painting by  Nuwan Shilpa (@nuwanshilpa on Instagram).

දිනෙන් දින ශක්තිමත් වෙමින් සමාජයේ සෑම තරාතිරමකම ජන ප්‍රසාදය දිනා ගනිමින් සිටින    “ගෝටා‍ගෝහෝම්” විරෝධතාවය හමුවේ රාජපක්ෂ මාෆියාවට පිස්සු හැදී ඇති බව පෙන්වන සිදුවීමක් අද වාර්තා වේ.

විරෝධතා සමනය කිරීම සඳහා “ඥානක්කා” නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පුද්ගලික පේනකාරිය පත් කර ඇති බවත් ඇය විසින් මතුරන ලද වතුර බෝතල් දහස් ගණනක් ගාලු මුවදොර පිටියේ කඳවුරු බැඳ සිටින තරුණ පිරිස් අතර බෙදා දී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙම වතුර බොන පිරිස් ඥණක්කාගේ ආනුභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත යළි ඇදී එනු ඇතැයි රාජපක්ෂවරුන්ට ඇය දන්වා තිබේ.

මේ තාක් සැඟව සිටි ඥණක්කා දැන් යළි අනුරාධපුරයට ගොස් වැඩ අල්ලා ඇතැයි ද අනුමත නොකළ වාර්තාවන්හි දැක්වේ.

ඥණක්කාගේ මතුරන ලද රතු නූල් ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ඇතුලු මැති ඇමැතිවරුන් ද මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහලම නිලධාරියකුද අතේ බැඳ සිටින බව කියැවේ.

ගෝටා සහ ඥණක්කා

රාජපක්ෂවරු දරුණු ගණයේ  මිත්‍යාදෘෂ්ඨිකයින් වන  අතර මහ ජනයා අමන්ත්‍රණය කිරීමේදී මතුරන ලද විවිධ වශී බෝල අතෙහි ගුලිකර ගෙන සිටිනු දක්නට ලැබීම සුළභය.

ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” විරෝධතා භූමියට මේ වන විට ලබා දී ඇති ඥණක්කා ජල බෝතල් ටොන් ගණනක් වන්නේ යැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත අදහස් දැක්වූ අරගල භූමියේ සිටින පිරිස් පැවසූවේ කැමැති කැමති අයගෙන් වතුර බෝතල් ලබා නොගන්නා බවත් නියමිත ආරක්ෂිත ඇසුරුම් නොමැති කිසිදු වතුර බෝලයක් බාර නොගන්නා බවයි.

ඥණක්කා වතුරට මතුරන ලදදේ කුමන වතුර බෝතල් සමාගමේදී දැයි දැන ගන්නට නැත.

මෙම මැතිරීම සඳහා ඇය  විසින් මල් වර්ග ගණනාවක් ඉල්ලා සිටි අතර මෙරට නැති සමහර මල් ගෙන්වන ලද්දේ ඉන්දියාවෙන් බවද ඉහත කී වාර්තාව දක්වයි.

අනුමත නොකළ වාර්තා දක්වන්නේ  කාලි අවේශයෙන් යැයි කියමින් ඥණක්කා එම මල් කමින් මෙම වතුරට කාරා කෙළ ගසන බවයි.

මෙම වතුර පානය කිරීමෙන් පසු ගෝටා-ගෝ-හෝම් ප්‍රචාරක ව්‍යාපාරය බිඳ වැටෙනු ඇති බවට ඇයගේ සහචරයින් රාජපක්ෂවරුන්ට සහතික වී තිබේ යැයිද එම වාර්තාව දක්වයි.

හිටපු කාන්තා රෝහල් සේවිකාවක් වූ ඥානක්කා, කියන්නේ ඇය කාලි දේවියගේ පුනරුත්පත්තියක් බවය. ඇයගේ නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු නොසලකා  මත ඇයට හමුදා සහ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත.

පසුගිය දා තවත් වෙබ් අඩවියක් වාර්තා කළේ රාජපක්ෂ පාලනය යටතේ ඉදිකරන ලද ග්‍රාමීය පාලම්වල පවා රතු පැහැති ආරුක්කු ඇති අතර ඒ යටින් යන ජනයා ගෝඨාභය රාජපක්ෂට පක්ෂ වන සේ ඥණක්කා මෙම ආරුක්කු වලට මතුරා ඇති බවයි.

මේ අතර ඩේලි මිරර් පුවත්පත මිගින් කරන ලද සමීක්ෂණයක් දක්වන්නේ  ඊට සහභාගි වූ සියයට 94ක් රාජපක්ෂවරු ගෙදර යා යුතු බව කී බවයි.

Archive

Latest news

Related news