Wednesday, April 24, 2024

ර‌ට ගොඩ නැගීමට වසර 5-10ක් යාවි; ඊළඟට එන ආණ්ඩුව මුහුණ දෙන වෛරය අද‌ට වඩා වැඩි වේවි! (විඩියෝ) – මහාචාර්ය ‌රොහාන් පෙතියාගොඩ

Image: Shehan Gunasekara FB.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට අවම වශයෙන් වසර පහක සිට  දහයක් දක්වා කාලයක් ගත විය හැකි බව ශ්‍රාස්ත්‍රඥයකු වන මහාචාර්ය රොහාන් පෙතියාගොඩ පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව මෙම අර්බූදයෙන් ගොඩ ඒමට නම් බදු ඉහළ දැමීම, නව බදවා ගැනීම් සහ වැටුප් ඉහළ නැංවීම නතර කළ යුතු බවයි. එසේ නමුත් වැටුප් වැඩි කිරීමට එනු ඇති ඉල්ලීම් ඉදිරියේ මුදල් අච්චු ගැසීමට ආණ්ඩුවට සිදුවන බවත් එමගින් උද්ධමනය තව තවත් ඉහළ යනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම එම තත්වය යටතේ පොළී අනුපාතය 25% දක්වා ඉහළ යනු ඇති බවත් එමගින් ආයෝජන සඳහා මුදල් නැතිවන බවත් ඔහු ප්‍රකාශ කරයි. දැනටමත් ස්ථාර තැන්පතු සඳහා පුද්ගලික මුල්‍ය ආයතන  සියයට 23ක පොලියක් ගෙවනු ලැබේ.

රටෙහි බලය ඉල්ලා සිටින දේශපාලන පක්ෂ එයට පෙර මහජනයා වෙත කෙටුම්පත් අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් ජනයා ජන්දය දීමට තීරණය කළ යුත්තේ ඒ අනුව බවත් ඔහු කියා සිටියි.

අන්තර් ජාතික මුල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට මිස උදව් කරනු මිස අලුතෙන් ණය ලබා නොදෙන බව ප්‍රකාශ කරන පෙතියාගොඩ දක්වන්නේ එම මුදල් රට තුලින් සොයා ගක නොහැකි නම් දැවැන්ත අර්බූදයක් ඇති වන බවයි.

ඔහු යෝජනා කරන විසදුම් සහ  පැහැදිළි කිරීම් සහිත විඩියෝ පහත දැක්වේ.

Archive

Latest news

Related news