Saturday, April 20, 2024

රට ආර්ථික අර්බූදයක ගිලී සිටියදී පසුගිය නිදහස් දින සැමරුමට ලක්ෂ 1000කට වඩා වැය කරලා.

ලංකාව මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බූදය නොසළකා රාජපක්ෂ ආණ්ඩුව පසුගිය නිදිහස් දින සැමරුම සඳහා රැපියල් ලක්ෂ 1000කට ආසන්න ප්‍රමාණයක් වැය කර තිබේ.

ඒ වන විටත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මෙරට ජනයා පැය ගණන් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) ඉල්ලීමකින් අනාවරණය වී ඇත්තේ 2022 පෙබරවාරි 04 වන දින පවත්වන ලද 74 වැනි ජාතික නිදහස් දින සැමරුම සඳහා රජය රුපියල් මිලියන 95 කට ආසන්න මුදලක් වැය කර ඇති බවවයි.

මෙය පසුගිය වසර පහ තුළ නිදහස් දින සැමරුමකට වියදම් කළ වැඩිම මුදලයි.

ඒ අනුව කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ පැවති උත්කර්ෂවත් සැමරුම සඳහා රුපියල් මිලියන 94.7ක් (ලක්ෂ 947ක්) වැය කර තිබුණි.මෙය 2021 වසරේ නිදහස් සැමරුම වෙනුවෙන් වැය කළ මුදලට වඩා රුපියල් මිලියන 15කට ආසන්න මුදලකි.

මෙම උත්සවය සංවිධානය කර තිබුණෞ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසිනි.

රජයේ වෙනත් අමාත්‍යාංශ විසින් කරන ලද වියදම් මෙම සංඛයාවට ඇතුලත් නැත.

එවැනි වියදම් ඇතුළත් කළ විට මෙම ගණන ලෙහෙසියෙන්ම ලක්ෂ 1000 ඉක්මවයි.

මෙම මුදලට රජයේ කර්මාන්ත ශාලාවේ වේදිකාව සැකසීම, කොඩි කණු බෙදාදීම සහ රතු පලස නිකුත් කිරීම සඳහා රුපියල් මිලියන 37ක්ද සංස්කෘතික ප්‍රදර්ශන පා ගමන පැවැත්වීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට රුපියල් මිලියන 19ක්ද ඇතුළත් වේ.

මීට අමතරව ජංගම වැසිකිළි පහසුකම් සඳහා රුපියල් මිලියන 15ක් ද, සත්කාරක වියදම් සඳහා රුපියල් මිලියන 2ක් ද, ඩිජිටල් තිරයක් සඳහා රුපියල් මිලියනයක් ද වැය කර ඇත.

ඊට අමතරව විදුලිය සඳහා රුපියල් මිලියන 11ක් ද, ජල පහසුකම් සඳහා රුපියල් මිලියන 2ක්ද, ශබ්ද පද්ධති සහ පුටු සඳහා රුපියල් මිලියන 2ක්ද යොදවා තිබුණි.

RTI අයදුම්පත පෙබරවාරි 7 වන දින රාජ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරියා වන පරිපාලන අතිරේක ලේකම් P.S.P. අබේවර්ධන විසින් අප්‍රේල් 20 වැනි දින මෙම තොරතුරු ලබා දෙන දී ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

Archive

Latest news

Related news