Friday, April 26, 2024

රාජපක්ෂ පාලිත ලංකාව එහෙමම නවතී: සියලු ගොඩනැගීම්, බදවා ගැනීම්, අතිකාල දීමනා, සහනාධාර කප්පාදුයි, අහවරයි!

මුදල් අමාත්‍යාංශය විසින් අද නිකුත් කරන ලද චක්‍ර ලේඛනයක් අනුව මේ වන විට ආරම්භ කර ඇති හෝ නොහැති සියලුම ගොඩ නැගීම් නතර කරනු ඇති අතර රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ද නතර කරනු ලැබේ. දිගටම කැගෙන යාමට ඉඩ ලැබෙනු ඇත්තේ මහජනයාට අත්‍යවශ්‍ය ඉදිකිරීම් පමණි.

යම් කාලයක් ගතවන තුරු රාජ්‍ය වියදම් අත්‍යවශ්‍ය කාරනා සඳහා පමණක් වැය කරන බව එහි සඳහන් වෙයි.

එමෙන්ම අතිකාල දීමනා ගෙවීම, නිලරථ පාවිචිචිය සීමා කිරීම වැනි පියවර ගණනාවක්ද එම චක්‍ර ලේඛනය මගින් නියෝග කර තිබේ. සුභසාධන සහ සහනාධාර වැඩ සටහන් කප්පාදු කිරීමටද එය යෝජනා කරයි.

මෙම චක්‍ර ලේඛනය ඉදිරියෙහි එන දරුණු ආර්ථික අරුබූදයක පෙර ළකුණු බව දේශපාලන විචාරකයෝ පවසති.

එය පහත දැක්වේ:

 

 

Archive

Latest news

Related news