Wednesday, April 24, 2024

ඖෂධ, ප්‍රතිජීවක මාසයකටවත් ප්‍රමාණවත් නැහැ- ඔසුසල් හිමියන්ගේ සංගමය

දැනට රට තුළ පවතින ඖෂධ සහ ප්‍රතිජීවක අවම වශයෙන් මාසයකටවත් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ (AIPPOA) සභාපති චන්දික ගන්කන්ද ඩේලි මිර්ර් පුවත්පතට පවසා තිබේ.

මේ අතර මෙවැනි අභ්‍යාගය සම්පන්න තත්වයකට රට ඇද දැමූ රාජපක්ෂ පවුල අද බලයේ සිටිය යුත්තේ කුමන රාජපක්ෂවරයාද යන්න ගැන කුලල් කා ගනිමින් සිටිති.

රට තුළ පවතින ඖෂධ හිඟය දිනෙන් දින උග්‍ර වන බවත්, මෙම හදිසි ඖෂධ සහ ප්‍රතිජීවක ආනයනය කිරීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් ගැසට් නොවන ඖෂධ නිෂ්පාදන සඳහා පනවා ඇති මිල පාලනය අවලංගු කරන ලෙසත්, අවශ්‍ය ප්රතිජීවක සහ ඖෂධ ආනයනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) ගන්නා ලෙසත් ඉල්ලා සිට තිබේ.

කෙසේ වෙතත්, ඊයේ, SLCPI ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වා ඇති අතර,  ඔසුසල් හිමියන්ගේ සංගමය සහ SLCPI විසින් කරන ලද ඉල්ලීමට එකඟ විය නොහැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසා තිබේ.

අප්‍රේල් 25 වැනිදා සිට ගැසට් නොකරන ලද  ඖෂධ සඳහා උපරිම 20%ක මිල වැඩිවීමක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇත.

Archive

Latest news

Related news