Thursday, April 18, 2024

පාස්කු ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන හිර කිරීමේ, ජනපති මාධ්‍ය-නිලන්ත ජයවර්ධන මෙහෙයුම ඇරඹේ!

පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන  බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන්  හදිසියේම ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එනයින් එම ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය ඒ්කකයේ නිල ප්‍රකාශයක් බවට පත් වෙයි. ඒහි ගොස් ඔ්නෑම අයකුට ඔ්නෑ දෙයක් කීමට ඉඩ නැත.

පාස්කු ප්‍රහාරයට වගකිය යුතු බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු‌‌ට පවරන ලද නඩුවෙහි දී ඔහු වෙනුවෙන් පෙනී සිටියේ මෙම ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් ය.

හේමසිරි ප්‍රනන්දු ඒම නඩුවෙන් නිදහස් විය.

ඔහුට විරුද්ධව නීති පති දෙපාර්තමේන්තුවේ ප්‍රරධාන සාක්ෂිකරු වූයේ රජයේ සාක්ෂිකරුවකු බවට පත් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධනය.

දැන් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් ජනාධිපති කාර්යාලයේ තනතුරක් දරන බව කියැවේ.

හේමසිරි ප්‍රනාන්දුට විරුද්ධ නඩුවෙහි තෙවැනි සාක්ෂිකරු වූ ජාතික බුද්ධි අංශ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සාක්ෂියට කැදවූයේ නැත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් සිසිර මෙන්ඩිස් කියා සිටියේ එවකට ජනපති වූ මෛත්‍රීපාල සිරිසේනට, ප්‍රහාරය පිළිබඳ  බුද්ධි අංශ තොරතුර නිලන්ත ජයවර්ධන විසින් කියන්නට ඇතැයි තමා විශ්වාස කරන බවය.

එකළ සිරිසේන සිටියේ රාජපක්ෂ කදවුරේය. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්  ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා මෙසේද ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

“පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු වාර්තාවේදී නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් කියා සිටියා ඔහුට අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුර තොරතුරක් මිස එය බුද්ධි තොරතුරක් නොවෙයි කියලා. ඔහු කියනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට සහ පොලිස්පතිවරයාට අප්‍රේල් 07 වැනිදා මේ සම්බන්ධයෙන් ලියුම් යොමු කළා කියලා. ඔහු කියනවා මේක බුද්ධි තොරතුරක් බවට පත්වුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 4.22ට ලු. ඔහු බැරිවෙලාවේවත් මේක කියලා ගැහැව්වේ නැත්නම් ඔහුට ගෙදර යන්න වෙනවා කියලා ඔහු කිව්වා. එක රාජ්‍ය නිලධාරියෙක්ගේ වරදක් නිසා අපේ රටේ ජීවිත 200 ගානක් නැති වුණා. 500කට වැඩිය මිනිස්සු තුවාල කාරයෝ වුණා. මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන. ඔහු තමන්ගේ රැකියාව බේරගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.”

මෙම මාධය හමුවෙහිදීම අදහස් දැක් වූ  ජනාධිපති නිතීඥ යූ. ආර්. සිල්වා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එරෙහිව හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා විසින් අධිචෝදනා ගොනු නොකළේ මන්දැයි යන්න ගැටළුවක් බවය.

නොසැලකිලිමත්කම යනු සිවිල් වගකීමෙන් එහා ගිය එකක් බවට සාක්ෂි ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රටේ නිතිපතිවරයා බැදී සිටින බවද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.

බළලා මල්ලේන් ඒළියට පැන්නේ එවිටය.

දැන් ‌මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධය.  ඒනිසා ඔහු මට්ටු කිරීමට රාජපක්ෂවරුන්ට අවශයය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගකිය යුත්තා නිලන්ත ජයවර්ධන බවට කොමිෂන් සභා වාර්තා  ඇතුළු දක්වන ලද බොහෝ කරුණු තිබුණද වසර තුනක් යන තුරු රාජපක්ෂවරු ඔහුට අත තිබ්බේ නැත. ඊට ‌හේතුව රවිරාජ් ඝාතන නඩුවෙහි දී උසස් පොලිස් නිලධාරියකු වූ නිලන්ත ජයවර්ධන පැමිණිළිකාර නීතිපති දෙපාර්තතමේන්තුවට විරුද්ධව විත්තියට සාක්ෂි දී සැකකරුවන් නිදහස් කර ගැනීමට සහාය වීම බවට චෝදනා නැගී තිබේ. රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට දි තිබූ පැමිණිල්ලේ සාක්ෂියට විරුද්ධව නිලන්ත ජයවර්ධන සාක්ෂි දුන්නේය.

දැන් හදිසියේම නිලන්ත ජයවර්ධනට විරුද්ධව නඩු පැවරීමට යන බව කියනු ලැබේ. ඒ් සමඟම බොහෝ දුර‌ට සිරිසේනටද කල්දේරම් බත් කැවීමට සිර ගත කිරීමටට ඉඩ තිබේ. ‌

අවසානයේදී නිලන්ත ජයවර්ධන, බැසිල් මෙන්ම නිදහස් වී සිරිසේන සරගත වුවහොත් ඒය පුදුමයට කරුණක් නොවිය යුතුය.

බඩුත් හාමදුරුවන්ගේ නඩුත් හමුදුරුවන්ගේ යන ප්‍රකට සිංහල බස් වහරකි.

නන්දා මාලිනී ගෝටාගෝගමට පැමිණ කී පරිදි ” ඔක්කොකො නිදොස් කොට නිදිහස්’ වූ පරිදි අවශ්‍ය අය සිර ගත කිරීමට තවමත් පිඹුරු පත් සැකසේ.

සේ. පියවර්ධන විසිනි.

 

Archive

Latest news

Related news