Thursday, April 25, 2024

විරෝධතා කඳවුර: අවසාන හරඹය පේන මානයේද? – ඉන්ද්‍රවංස ද සිල්වා, විශ්‍රාමික මහාචාර්ය

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් ගත් කල, අපි සියලු අතිශ්‍රේෂ්ඨ දේ  අසා ඇත්තෙමු – එය පෙර නොවූ විරූ ය, මෙය නිදහසින් පසු ඇති වූ නරකම තත්වය ය, රට කඩාවැටීමේ අද්දර ය, දැවැන්ත පරිමාන අර්බුදයක් ය යනාදී වශයෙනි. සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින දේවල ස්වභාවය අනුව, මෙම විස්තර කීරීම් යුක්ති සහගත බව පෙනේ. එහෙත් වත්මන් දේශපාලන කතිකාව තුළ දක්නට නොලැබෙන දෙය, අවසාන හරඹයක දුර්වලම ලකුණකි. මෙය කෙසේ අවසන් වෙයිද? දැන් හරඹයෙහි පැහැදිලි ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින බැවින් රට සමතුලිතතාවයකට පැමිණෙන්නේ කවදාද සහ කොතැනකදී ද?

නායකයාගේ හිස!

පැහැදිළි සත්‍යය නම් බිත්තියටම තල්ලු කරන ලද කළ ජනයා නැඟී සිට තිබීමයි. ජනයාට එය තවදුරටත් ගත නොහැකිය. ඔවුහු ඉහළම දිනුම ඉල්ලා සිටී: එනම් රාජ්‍ය නායකයාගේ හිසය. බල කේන්ද්‍රවල ධ්‍රැවීකරණය පැහැදිලිය. නායකයෙක් නැතිව වුව එක පැත්තකින් විරෝධතාවය තිබේ. අනෙක් පැත්තෙන් සභාගයේ අය හදිසි ඉක්මනකින් නැවෙන් පනිද්දී ආණ්ඩුව බවට දැන් රාජපක්ෂ සහෝදරයන් බවට පත් වී ඇත. රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුවේ සරල බහුතරය යාන්තමට අල්ලා ගෙන සිටී.

අවි අමෝරා ගෙන

උද්ඝෝෂණය ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී ආණ්ඩුවේ මුල් ප්‍රතිචාරය වුයේ අමාත්‍ය මණ්ඩලය කුණු කූඩයට දමා නැවුම් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවෙහි සිටින අනෙක් පක්ෂවලට දොර විවර කිරීමයි. විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වූයේ විරෝධතා තීව්‍ර කරමින් සහ තමන් වඩා ශක්තිමත් බව පෙන්වාලමින් සැනසිලි ත්‍යාගයකින් සෑහීමට පත් වීමට සූදානම් නැති බවට ජනාධිපතිවරයා වෙත පැහැදිලිව සංඥාවක් යවමිනි. එමගින් ඇනහිටීමක් ඇති විය. දෙපාර්ශවයම සිය අවි අමෝරා ගෙන මුල සිටි තැනටම ආපසු ගියෝය.

මේ අතර, දෛනික ජීවිතය යහපත් අතට හැරෙන බවට කිසිදු සලකුනක් නොමැති බැවින් විරෝධතාව තීව්‍ර වන බව පෙනේ. ඇත්ත වශයෙන්ම ආහාර හිඟය මතුවෙමින් පවතින බැවින් එය වඩාත් නරක අතට හැරෙමින් තිබේ. සිදුවන්නට යන්නේ කුමක්ද? මෙම කඹ ඇදිල්ල කොපමණ කාලයක් පැවතිය හැකිද? විරෝධතාකරුවන් මධ්‍ය ස්ථාවරයකට යනු ඇතැයි බලාපොරොත්තුවෙන් රජය තවත්  මස් කට්ටක් විසි කරනු ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත්, රාජපක්ෂලා විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන්ගේ මූලික ඉල්ලීමට යටත් වී ඉවත්ව යනු ඇතැයි සිතිය නොහැක. අවම වශයෙන් තවම එවැනි තත්වයක් නැත.

ඉතිහාසය අපට පෙන්වා දී ඇති දෙය නම්, බලය ලබා ගත්, සහ එම බලයෙන් නීත්‍යානුකූල නොවන ලෙස වාසි ලැබූ අය, සටනකින් තොරව එම බලය අත් නොහරින බවයි. දහවල ආලෝකය තරමටම පැහැදිලි වන්නේ විරෝධතාවයේ ඉල්ලීමට ඉඩ දීම යනු සෑම ප්‍රායෝගික අරමුණක්ම නැතිව යන රාජපක්ෂ වංශයේ අවසානය වනු ඇති බවයි. මහින්ද තම මුළු දේශපාලන ජීවිතය තුළ රැස්කරගත් සමස්ත දේශපාලන ප්‍රාග්ධනයම ආයෝජනය කළ නාමල් කුමරුගේ නැගීමේ හදිසි නිමාවක් එමගින් සනිටුහන් වනු ඇත.

ව්‍යසනයක් සඳහා වට්ටෝරුවක්

ඉතින්, මගේ මතය අනුව, මෙය ව්‍යසනයක් සඳහා වට්ටෝරුවකි. බල සෙල්ලම ඇදී යන විට ප්‍රචණ්ඩත්වය පුපුරා යාම කාලය පිළිබඳ කාරණයක් පමණක් බවට පත්වෙයි. විරෝධතාවට එක්වන ජනයා ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීමට සිතන බව හෝ ප්‍රචණ්ඩත්වය මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය බව හෝ මම නොකියමි. නමුත් දැව කෙතරම් වියලී ඇත්ද යත්,  අවශ්‍ය වන්නේ එය ගිනි තැබීමට කුඩා ගිනි පුපුරක් පමණි. මෙවැනි අවස්ථා වලදී බොහෝ විට සිදු වන පරිදි ප්‍රචණ්ඩත්වය නොදැනුවත්වම පුපරා ආ හැක. ඉතිහාසය අපට පවසන්නේ එයයි. නිකමට පේරු හි ලීමා අගනුවර සිදුවෙමින් පවතින දේ දෙස බලන්න. ඉන්ධන, පොහොර සහ ආහාර මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා ප්‍රචණ්ඩත්ඩ බවට පත් වූ අතර පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් මරණ හතරක් සිදු විය.

අප නොසලකා නොහැරිය යුතු තවත් පැත්තක් නම්, විපක්ෂය තලා දැමීම සඳහා තම පාර්ශවයෙන් ප්‍රචණ්ඩ බලය යොදා ගැනීමට ඔවුන්ට කොළ එළියක් ලැබෙන බැවින් ප්‍රචණ්ඩකාරී පුපුරා යාමක් දැකීමට රජය කැමති වීමය. (මිරිහානේ බස් රථයකට සහ ජීප් එකකට ගිනි තිබ්බේ මන්ද?). එවැනි වර්ධනයක් යටතේ කරුණු දෙකක් සිදු විය හැකිය. එකක් නම්, රජය ම්ලේච්ඡ ලෙස සහ ප්‍රචණ්ඩ ලෙස මහජනතාව මර්දනය කිරීම මගින් බොහෝ විට දුසිම් ගණනක්, නැතිනම් සිය ගණනක් ජීවිත බිලිගැනීමයි.

“විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අණ දෙන සෙන්පතිගේ හිස බව අමතක නොකරන්න. ශවේන්ද්‍ර උච්චාරණය කළ පරිදි “රාජ්‍ය ආරක්‍ෂාව” යනු ගෝඨා සහ සමාගමේ ආරක්ෂාවයි.”

මීට දින කිහිපයකට පෙර ශවේන්ද්‍ර සිල්වා විදේශ ආරක්ෂක ප්‍රේක්ෂක පිරිසක් අමතා පැවසූ දෙයට සවන් දෙන්න: “ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සෑම විටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන අතර යුද හමුදාවද ඊට වෙනස් නැත. හමුදාව, වෘත්තීය සංවිධානයක් ලෙස, අවශ්‍ය පරිදි රාජ්‍යයට රැකවරණය සහ ආරක්ෂාව සැපයීමට සැමවිටම සූදානම්ව සිටී”. (ද අයිලන්ඩ්, අප්‍රේල් 5, 2022)

“රාජ්‍යයට රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීමට” හමුදාව සූදානම් බව පැවසූ විට ඔහු හරියටම අදහස් කළේ කුමක්ද? රාජ්‍යයට තර්ජනයක් එල්ල වූ විට, -මෙම අවස්ථාවේ දී ඉන් අදහස් වන්නේ විරෝධතාකරුවන්ය- ඔවුන්ගේ කාර්යය වන්නේ රාජ්‍යය “ආරක්ෂා කිරීම” ය. ඔවුන් රාජ්‍යය “ආරක්ෂා” කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිඳු වැරදි අදහසක් තබා නොගන්න. ඒ විරෝධතාකරුවන්ට නිවෙස්වලට යන ලෙස කන්නලව් කිරීමෙන් හෝ ඔවුන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන යාමෙන් නොවේ. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අණ දෙන සෙන්පතිගේ හිස බව අමතක නොකරන්න. ශවේන්ද්‍ර උච්චාරණය කළ පරිදි “රාජ්‍ය ආරක්‍ෂාව” යනු ගෝඨා සහ සමාගමේ ආරක්ෂාවයි.

රාජ්‍යයේ මෙම “ආරක්ෂාව” යන්නේ කොතැනටද යන්න අප දන්නා කරුණකි. වැඩෙන විරෝධතාවක දී හමුදාවට රාජ්‍යය “ආරක්ෂා” කළ නොහැකි නම් කුමක් සිදුවේද? හමුදාව රජය අතට ගන්නේ එවිට බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. එවැනි ප්‍රතිඵලයක් අපට බැහැර කළ හැකිද?

“එවැනි විනාශකාරී තත්වයක් වළක්වා ගත හැකි එක් මාර්ගයක් වන්නේ විරෝධතාවයට නායකත්වයක් සොයා ගැනීමයි. එනම් විරෝධතාකරුවන් සවන් දීමට සූදානම් නායකත්වයකි. එවිට එම නායකත්වයට විරෝධතාකරුවන්ට මෙන්ම රජයට ද පිළිගත හැකි විසඳුමක් සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට හැකි වනු ඇත.”

විනාශය වළක්වා ගැනීමේ මාවතක්

එවැනි විනාශකාරී තත්වයක් වළක්වා ගත හැකි එක් මාර්ගයක් වන්නේ විරෝධතාවයට නායකත්වයක් සොයා ගැනීමයි. එනම් විරෝධතාකරුවන් සවන් දීමට සූදානම් නායකත්වයකි. එවිට එම නායකත්වයට විරෝධතාකරුවන්ට මෙන්ම රජයට ද පිළිගත හැකි විසඳුමක් සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට හැකි වනු ඇත. දෙපාර්ශවය ඉල්ලීම්වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගත හැක්කේ කවරකුට යන්න තීරණය වන්නේ ඔවුන් සාකච්ජාව සඳහා වාඩි වී සිටින අවස්ථාවේ එක් එක් පාර්ශවය දරන බලය මත ය. ඒ ගතිකත්වය දවසින් දවස වෙනස් වෙයි.

එවැනි නායකත්වයක් කුමන හෝ පාටකින් හෝ හැඩයකින් හෝ යුතු වත්මන් දේශපාලන පක්ෂවලින් පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. එහෙත් විරෝධතාකරුවන් නියෝජනය කරන පොදු ජනතාව අතර තවමත් යම් විශ්වසනීයත්වයක් ඉතිරිව ඇති පුද්ගලයන් එම පක්ෂවල සිටිය හැකිය. මේ එවැන්නන් ඉදිරියට පැමිණ ඉතිහාසය ඉල්ලා සිටින කාර්යය ඉටු කිරීමට කාලයයි.

ඉතිහාසය එත තැන නොරදයි.! වැඩට බහින්න.

ලේඛකයා සමඟ [email protected] මගින් සම්බන්ධ විය හැක.

ඉංග්‍රිසි සින් ලියන ලද ලිපියක සංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

මෙම ලේඛකයා ලියූ  “විරෝධතාකරුවනට සහ කාරියන්ට විවෘත ලිපියක්” බලාපොරෙත්තු වන්න.

Archive

Latest news

Related news