Tuesday, July 16, 2024

යහපාලන ජාතික විධායක සභාවට විරුද්ධව නඩු දැමූ විජේදාස දැන් එවැනිම සභාවක් ගෝටාගෙන් ඉල්ලයි!

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය අහෝසි කොට යළි 19වන සංශෝධය බලාත්මක කරන ලෙසත් පසුගිය යහපාලන සමයේ දින 100ය සමයේ පැවති ආකාරයේ ජාතික විධායක සභාවක් යළි ස්ථාපිත කළ යුතු බවත් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කර ඒ වෙනුවට නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බවත් යෝජනා කරමින් ආණ්ඩුවේම මංත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ ඉල්ලීමක් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ එම ඉල්ලීම පිළිගෙන නැත.

මේ බව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විමල් වීරවංස, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ එකොලහේ නියෝජිතයින් සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු 10 දෙනාගේ නියෝජිතන්ගේ අත්සන් සහිත ලිපියකිනි.

යහපාලන ආණ්ඩුව විසින්  සිය ප්‍රථම දින සියය තුල කටයුතු කිරීමට පිහිටුවන ලද  ඒ හා සමාන විධායක කමිටුව නීති විරෝධී බවට ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පළිගැනීම්  කොමිසමට පැමිණිළි කරන ලද්දේද මෙම විජේදාස රාජපක්ෂම විසිනි. එම පැමිණිල්ල විභාග කළ එම කොමිසම යහපාලන ආණ්ඩුවේ අගමැති අතුලුව බොහෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කරන ලදී. එම නිර්දේශ සොයා බැලීමට ගොඨාභය විසින් පත් කරන ලද ප්‍රියන්ත ප්‍රනාන්දු කොමිසම දැන් එම සියලු දෙනාට දඩුවම් කල යුතු බවට යළි නිර්දේශ කර ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ඇතුලු බෙහෝ දෙනෙකුට දැනටමත් චෝදනා පත්‍ර ලබා දී තිබේ.

දැන් විජේදාස රාජපක්ෂ විසින්ම කෙටුම්පත් කරන ලදැයි කියන පක්ෂ 10යේ යෝජනාවන්හි මුලික වන්නේ ද එවැනි ජාතික විධායක සභාවකි. විජේදාස යනු ඩීල්දාස කෙනෙක් බවට පවතින මතය මේ මගින් යළි තහවුරු වන බව ඔහු විසින් කරන  ලද චෝදනාව අනුව චෝදනා පත්‍ර ලබා ඇති දේශපාලනඥයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

Archive

Latest news

Related news