Saturday, April 20, 2024

ලංසාගේ නිවස වැටලිම live දුන්නැයි මිපුර වෙබ් අඩවියට තර්ජන

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මිගමුවේ ජනයා අද සවස් වරුවේ දේවස්ථාන ඉදිරිපිටින් අරභා තිබුන විරෝධතා සියල්ල එකාබද්ධ කොට නගරය මැදට පැමිණ දැවැන්ත විරෝධයක්  දක්වා තිබුණි.

මේ අතර විරෝධතා කරුවන් පිරිසක් නිමල් ලංසාගේ නිවස වටලමින් උද්ඝොෂණයක නිරතවිම අද දිනයේ සිදුවු ඉතාමත් වැදගත් සිදුවිමක් විය.

මේ වැටලිම සජිවිව මිපුර ෆේස් බුක් පිටුව මගින් ජනයා අතරට ගෙන යාමට විරෝධය පළකරමින් මේ සටහන තැබෙන අලුයම 1.50 ට සුළු මොහොතකට පෙර දුරකථන ඇමතුමක් ලබාදෙමින් කිසියම් පුද්ගලයෙකු අපගේ කර්තෘ මණ්ඩල සාමාජිකාවක් වෙත තර්ජනය කර තිබේ.

ජනතාවගේ විරෝධය අප සජිවි ලෙසින් බෙදා හැර තිබුනේ ලංසා සමගින් ඇති පුද්ගලික තරහක් නිසා යැයි කියමින් අදාල පුද්ගලයා මිපුර වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල සමාජිකයෙකු හට  බැන වදිමින් තර්ජනය කර ඇත.

ලංසා පවුලේ කළු සල්ලි ගේම් පිළිබදව දශක ගණනාවක් තිස්සේ කොන්දේසි විරහිතව මිගමුවේදි හෙළිදරව් කර තිබුනේ මිපුර වෙබ් අඩවිය පමණි.

ජනතාව වෙනුවෙන් නිමල් ලංසාගේ නිවස වැටලිමද එය දැකිමට කැමැති ලොව පුරා වෙසෙන ලාංකිකයන් වෙත බෙදාහැරිමේ මිපුර අපේ වගකිම් ‌ලෙසින් දකිමු.

ඒ් ගැන උරණ වන්නේ නිමල් ලංසාගේ කළු සල්ලි වලින් යැපෙන මිනිස් භාග පමණක් බව ඉතා පැහැදිලි වන්නේ අද ජනතාව විසින් දළුපතදි නිමල් ලංසාට එරෙහිව සිය කෝපය මුදා හළ අයුරු දුටු විටය.

මී පුර අඩවියෙනි

Archive

Latest news

Related news