Wednesday, April 24, 2024

සමාජ ජාල තහනම සහ නාමල් = පිස්සු පීකුදු – දිලිත් ජයවීර

ට්වීටර් ජාලයේ නාමල් රාජපක්ෂ විසින් සමාජ ාාල තහනමට තමා එකඟ නොවන බවට තබා ඇති සටහනකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මූලිකත්වය ගත් පුද්ගලයකු වන දෙරණ හිමිකරු දිලිත් ජයවීර ඊට පිස්සු පීකුදු යැයි ටැග් කර තිබේ.

තවද දිලත් ජයවීර නාමල් රාජපක්ෂගෙන් අසන්නේ ” ඔබ නේද ඩිජිටල් ඇමැති. අන්කල්ට කියන්න බැරිද” යැයි කිංඩියක්ද දමා තිබේ

ඊට පිළිතුරු වශයෙන් නාමල් රාජපක්ෂ කියා ඇත්තේ ” මම මගේ විරුද්ධත්වය කිව්වා” ” ඔයාගේ යාලුවනේ, ඔයාට බැරිද කියන්න” කියාය

රාජපක්ෂවරුන්ගේ ඔලුව අවුල් වී ඇති තරම මෙයින් පෙනේ.

මේ අතර ටිවිටර් සටහනක් තබන ආණ්ඩුවේ ඇමැතිවරයකු වන ආචාර්ය චරිත හේරත් කියන්නේ මෙම අවස්ථාවේ සමාජ මාධ්‍ය තහනම ගොන් කමක් බවයි.

Archive

Latest news

Related news