Thursday, April 25, 2024

“13වන සංසෝධනය ක්‍රියාත්මක කර පලාත් සභා මැතිවරණ පවත්වන්න; දෙමළ ජනයාගේ සුජාත අභිලාෂ ඉටු කරන්න” – ඉන්දියාව ජිනීවාහිදී ලංකාවට කියයි

ඡාායරූපය: ඉන්ද්‍රා මනි පාන්ඩේ ජිනීවාහි ඉන්දීය තානාපතිවරයාය.

ජිනීවාහි දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ විවිදයෙහි දී කතා කරමින් ඉන්දීය තානාපති ඉන්ද්‍රා මනි පාන්ඩේ විසින් ශ්‍රී ලංකාණ්ඩුව විසින් කළ යුතුව ඇත කරුණූ ගණනාවක් සඳහන කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන මානිව හිමිකම් මහ කොමසාර්ස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ගැන පැවැත්වෙන මෙම විවාදයෙහි මුල් කොටස පසුගිය සිකුරාදා පැවැති අතර එළඹෙන සඳුදා ඉතිර කොටස පැවැත්වෙයි.

‍සිය කතාවෙහිදී ඉන්දීය තානාපතිවරයා මහ කොමසාරිස්වර්යගේ වාර්තාවට කිසිදු විවේචනයක් එල්ල කළේ නැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ විදේශ ඇමැකි ජී.එල්.පීරිස් එම වාර්තාවට කෙලිින්ම විරුද්ධ විය.

ඉන්දීය තානාපතිවරයා මේසේ කීවේය:

ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඇයගේ වාචික ප්‍රකාශයන් අපි සැලකිල්ලට ගත්තෙමු.  ශ්‍රි ලංකාවේ මිතුරා සහ ආසන්නතම අසල්වැසියා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සම්බන්ධ ගැටළු විසඳීම සම්බන්ධයෙන් සිය කැපවීම් ඉටු කරන ලෙස නිරන්තරයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අපේක්ෂාවන් ඉටු කිරීම ශ්‍රී ලංකාවේම අවශ්‍යතාවය මත බව ඉන්දියාව විශ්වාස කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඇතුළුව අර්ථාන්විත බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් දෙන ලද පොරොන්දුවලටද  මෙය එකසේ අදාළ වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ ප්‍රතිසන්ධාන ගැටලු පිළිබඳ විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ අනෙකුත් අදාළ සංවිධාන සමඟ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද මැදිහත්වීම ඉන්දීය නියෝජිත පිරිසගේ අවධානයට ලක්ව තිබේ. අදාළ පාර්ශ්වකරුවන් අතර එවැනි සම්බන්ධවීම් සහ ඵලදායී හා අරමුණු සහිත සංවාදයක් අඛණ්ඩව පැවතීම වැදගත්ය.

වාර්තාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය, ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ වැදගත් කරුණු මතු කරයි. රටෙහි සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන පරදි  ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළුව දෙමළ ප්‍රජාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු. .

බලය විමධ්‍යගත කිරීම සඳහා වන කැපවීම අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් දිගටම ඉල්ලා සිටිමු.”

(SLB)

 

Archive

Latest news

Related news