Friday, April 26, 2024

සිරස මාධ්‍යවේදි එම්.ඉසෙඩ් සහජාන්ට පහරදිම මිගමු මාධ්‍ය සමාජය හෙළා දකී.

ඡායාරුපය: සහජාන්ට පහර දීමට විරුද්ධව අද පැවැති විරෝධතාවය

මිගමුව දළුපත ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්දන පිරවුම් හගේ හිමිකරු සහ  මැර පිරිසක් විසින් පසුගියදා මීගමුව සිරස මාධ්‍යවේදී සහජාන් මහතා හට පහරදි ඔහුගේ කැමරා ආම්පන්න සහ රජය විසින් නිකුත් කල මාධ්‍ය හැදුනුම්පත උදුරාගෙන තිබුණි.

මෙය සැබැවින්ම බරපතල කරුණකි.

මාධ්‍යවේදියෙකුගේ අගය නොදන්නා ව්‍යාපාරිකයෙකු සහ මැරයන් එ⁣සේ හැසිරි තිබියදි එය ඉතා බරපතල ක්‍රියාවක් බව තේරුම් ගැනිමට මිගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් අපොහොසත්විම සැබැවින්ම කණගාටුවට කරුණකි.

එය ඔවුන්ගේ රාජකාරි ඥානයේ සීමාව ලකුණු විමක් ලෙසද අප දකිමු .

පොලිසියක් එසේ හැසිරෙන්නේ නම් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි වැදගත් හැදුනුම් පතක් නිකුත් කරන්නේ ඇයිදැයි අපට ජනමාධ්‍ය ඇමතිවරයාගෙන්ම අසන්නට සිදුව තිබේ.

මාධ්‍යවේදියෙකුගේ අයිතිවාසිකම් නොදන්නා ,වංචනික ව්‍යාපාරිකයෙකු, ( මෙම ඉන්ධන පිරවුම් හල ඉදිකර ඇත්තේ ඇලක් ගොඩකර බව ප්‍රසිද්ධ කරුණකි ) චණ්ඩියෙකු සේ හැසිරි ඇති  පසුබිමක,ඒ මැරයන් සිදුකර තිබෙන බරපතල වැරැද්ද ගැන අවම තරමින් මිගමුවේ පොලිස් ස්ථානාධිපතිවරයා ට හෝ නිසි අවබෝධයක් නොතිබුන බව අපගේ විශ්වාසයයි .

තතු එසේ නම් එවැනි පොලිස් නිලධාරීන්ට මාධ්‍ය හැදුනුම්පතක ඇති වැදගත්ම ගැන කියා දිමට ජනමාධ්‍ය ඇමතිවරයා නිසි පියවර ගතයුතු යැයි මිගමු මාධ්‍ය සමාජය ලෙස අප තරයේ විශ්වාස කරමු.

මාධ්‍යවේදියෙකුට ඉතාමත් වටිනා දේවල් දෙකක් තිබේ.
ඉන් එකක් වන්නේ සිය කැමරා ආම්පන්නය.අනික සිය මාධ්‍ය හැදුනුම්පතය.

එහෙත් මේ වටිනාකම නොදැන නිසි වෘත්තියභාවයක් නොමැති ආකාරයෙන් අදාල මැරයන් ඉදිරියේ පොලිසිය කටයුතු කල ආකාරය සැබැවින්ම කණගාටුදායකය.

මාධ්‍යවේදීන්ගේ  අගය නිසි ලෙස දැන කටයුතු කළ සමන්තිලකලා, වැනි මිට පෙර මීගමුවේ  සිටි පොලිස් නිලධාරීන් ගැන අපට  යලි යලිත් මතකයට නැගේ.

අඩු වෘත්තියභාවයක් සහිත,දේශපාලන හිතවත් කම් මත තනතුරුවලට පත්වන බොහෝ නිලධාරීන්ට මාධ්‍යවේදින්⁣ගේ අයිතිවාසිකම් ගැන පොහොසත් දැනුමක් තිබිය නොහැකි බව අප මිගමුව තුලදි අත්දකිමින් සිටින්නෙමු.

එවැනි නිලධාරින්ට සිරස මාධ්‍යවේදි සහජාන් මහතාට පහර දිම යනු  ඇඟිල්ලක ඇතිව තිබුන සුලු තුවාලයක් පමණක් යැයි   සිතිම අරුමයක් නොවේ .එම නිසාම මෙවැනි සිදුවිමක් සුළු පැමිණිල්ලක් සේ ලඝුවිමද අරුමයක් නොවේ.

මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් ගැන නොතැකු ඉන්ධන හල් හිමියාට මෙන්ම පොලිසියේ උසස් නිලධාරින්ට අපට කියන්නට අතර ඇත්තේ අතර මැදි සමාදනයක් අපට අවැසි නොවන බවත් මාධ්‍යවේදින්ගේ අයිතිය පතා වන සටන දිගටම ගෙන යන බවත්ය.

ප්‍රහාරයට ලක්වු මාධ්‍යවේදියා මිගමු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු වෙනුවෙන් රු 10000 ක සානුකම්පිත දිමනාවකට අධිකරණය හමුවේ කැමැත්ත පළකරන්නට  මිගමු පොලිසියේ ලොක්කන්ට අනුමතිය දි තිබුනේ කව්ද යන්නත් අප බරපතල ලෙස ප්‍රශ්ණ කර සිටිමු.

මෙවන් වගකිම් විරහිත පොලිස් නිළධාරින්ට එරෙහිව හැකි උපරිමයෙන් අවසානය දක්වාම යුක්තිය වෙනුවෙන් මැදිහත්විමට අප කටයුතු කරන බවද මෙහිද අවධාරණය කර සිටිමු.

මාධ්‍යකරුවකුගේ වෘත්තිය ආම්පන්න සහ රජය විසින් නිකුත් කර ඇති මාධ්‍ය හැදුනුම්පත උදුර‌ා ගැනිම සුළු පැමිණිල්ලක්දැයි අප ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනාරාල්තුමන්ද විමසා සිටිමු .

එබැවින් මෙම සිදුවිමේදි මිගමුව පොලිසිය විසින් දැන හෝ නොදැන සිරස මාධ්‍යවේදියාට සිදුකළ ආසාධාරණය ගැන අප හැකි ඉහලම තැන්වල අවදානය යොමුකරලිමට කිසිවිටකත් පසුබට වන්නේ නැත.

මාධ්‍යවේදියෙකු වු මාධ්‍ය ඇමතිවරයාට අප  මේ මතුකරන වෘත්තිය ප්‍රශ්නය වඩාත් හොදින් තේරුම් යනු ඇතැයි මිගමු මාධ්‍ය සමාජය ලෙස අප  විශ්වාස කරන්නෙමු.

මිගමු මාධ්‍ය සමාජය මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන් ගේ අයිතින් වෙනුවෙන් හැබෑවට කටයුතු කරන රටපුරා විසිරි සිටින පුද්ගලයන් හා සංවිධාන හා එක්ව මිගමුවේදි හෑල්ලුවට ලක් කළ මාධ්‍යවේදියාගේ අයිතිය ගැන කොන්දේසි විරහිත අරගලයක නිරතවිමට අද සිටම ක්‍රියාත්මක වන අතර මාධ්‍ය නිදහස අගයන සැමට එයට එක්වන ලෙසද සහෝදරාත්මකව ඉල්ලා සිටින්නෙමු.

මිගමුව මාධ්‍ය සමාජය
දෙවන ඒළිසබෙත් රැජින මාවත
තලාදුව මිගමුව

2022.මාර්තු 04

සහජාන්ට පහර දීමට විරුද්ධව අද පැවැති විරෝධතාවය

Archive

Latest news

Related news