සිරකරු අයිතින් සුරැකීමේ කමිටුවේ ලේකම් නන්දිමාල්ට තර්ජන

1333

තමන් ගැන සොයා බැලීමට යම් නාදුනන කණ්ඩායමක් ප්‍රදේශයේ විවිධ අයගෙන් තොරතුරු රැස් කරන බවත් ඒ තුල තමන්ගේ ජිවිතයට යම් තර්ජනයක් ඇති බව පවසමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා විසින් 17 වනදා තිස්සමහාරාම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමුකර තිබේ.

පසුගිය 15 දා සිට තමන්ගේ පුද්ගලික තොරතුරු, යන එන ස්ථාන ගැන එම කණ්ඩායම තොරතුරු සොයා තිබෙන බවයි සුදේෂ් නන්දිමාල් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

” නාදුනන කණ්ඩායම් එවන්නේ නැතිව මාගැන තොරතුරු ඕනනම් මගෙන්ම අහහන්න, මොකද මගේ තොරතුරු ගොඩක් අය දන්නවා පොලිසියත් දන්නවා නමුත් ආරක්ෂක අංශ ලෙස කියාගෙන මගේ තොරතුරු හොයන එක මගේ ජිවිතයට විශාල තර්ජනයක් ” බව නන්දිමාල් ප්‍රකාශ කරයි.

(ඇසුර- ලංකා ලයිව්)