Friday, May 3, 2024

අරුන්දිකගේ කාර්ය මණ්ඩළ සේවකයෙන් සහ රජයේ වාහනයක් රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට ඇවිත්!

අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට පහරදුන් මැර පිරිස පැමිණ ඇත්තේ රජයේ වාහනවලින් බවට හෙළිදරව් වී තිබේ.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසා ඇත.

මැර පිරිස අතහැර ගිය වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.

එක් මැරයෙකු සිසුන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවයි.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි සිසුන්ට අද අලූයම එල්ලවූ ප්‍රහාරයකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර තිබේ.

වෙබ් මාධ්‍ය වාර්තා ඇසුරිනි.

Archive

Latest news

Related news