Thursday, May 2, 2024

කෝටියක් දඩ නියම කළ හැකි, තොරතුරු අහුරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පරාජය කරමු – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට විරුද්ධව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරිම, එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කාලය පමා වී යැයි යන තර්කය මත පෙරේදා නිශ්ප්‍රභ කරන ලදී.

මෙම පනත මගින් සිදුවිය හැකි අයිතීන් උල්ලංඝනය ගැන මෙරට අනෙක් මාධ්‍ය සංවිධාන හෝ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන හෝ විරෝධයක් ප්‍රකාශ කර නැති තත්වයක් තුල තරුණ ජනමාධයවේදීන්ගේ සංගමය පෙරට පැමිනීම අගය කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

කාලාවරෝධනය මත සිය පෙත්සම නිශ්ප්‍රභා වීමෙන් පසු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ඇතුලු තවත් සංවිධාන වෙත ලිපියක් යවා තිබේ.

මේ පිළිබඳව mediallk.com විසින් පළ කර ඇති පිටු දහයකින් යුත් එම ලිපිය පහත දැක්වේ.

අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත. පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.
ජනවාරි මස 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන සහ බලය හීන වන බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට දැඩි බාධාවක් එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට මෙන්ම දඬුම් නියම කිරීමට ද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් යොමු කළ ලිපියේ සඳහන් වේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තීරණයක් අනුව එහි සිමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පසුගිය 27 වැනිදා විශේෂ පෙත්සමක් ගොනු කළ බව ද, කාලාවරෝදය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභ කළ බවද, පෙත්සම නිශ්ප්‍රභ කළ ද පනත් කෙටුම්පත සංශෝධනය නොකර සම්මත කළහොත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කිහිපයක් මෙන්ම පිළිගත් නීති සිද්ධාන්ත ද උල්ලංඝණය වන බව ද ඔවුන් විසින් යොමු කරන ලද ලිපියේ සඳහන්ය.

 

Archive

Latest news

Related news