Friday, April 26, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය: දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින සැකකරුවන් හැට තුන් දෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේම තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ.

මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් සැකකරුවන් හැට තුන් දෙනා ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

ජනවාරි 19 වැනි බදාදා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් නියෝග කර ඇත්තේ සැකකරුවන් පෙබරවාරි 2 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර වාර්තාකරුවෝ පවසති.

අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.

සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.
theleader.lk

Archive

Latest news

Related news