Friday, April 19, 2024

රාජ්‍ය බුද්ධි සේවය ඇමැතිවරුන් ගැන ඔත්තු බලන බව තිස්ස කුඩාහෙට්ටි ප්‍රසිද්ධ කරයි!

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නෙරපා හැරීම සිදු කරන ලද්දේ  ඔහු ගැන බුද්ධි අංශ නියෝජිතයන් විසින් සපයන ලද කරුණූ මත යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස  සුසිල් ප්‍රේමජයන්ත ඉල්ලා සිට තිබේ.

දෙල්කඳ සති පොළෙහි දී ජනමාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්ණයකට  පිළිතුරු දෙමින් ආණ්ඩුව විවේචනය කිරීම  නිසා ඔහු ඉවත් කරන ලදැයි යන්න අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පුවත් පත් සාකච්ජාවක් පවත්වා ප්‍රකාශ කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඉවත් කළේ  රාජ්‍ය බුද්ධි අංශයේ යම් යම් තොරතුරු මත බවත් එය ජාතික ආරක්ෂාවට අදාළ කරුණක් බවත් තිස්ස කුඩාහෙට්ටි ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණේ පුවත්පත් සාකච්ජාවක දීය.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජෙනරල් සුරේශ් සලේ මංත්‍රිවරයාගේ එම ප්‍රකාශය සාවද්‍ය බව මේ තාක් ප්‍රකාශ කර නැත.

මෙමගින් තිස්ස කුඩාහෙට්ටි කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවය ආණ්ඩුවේ ඇමැතිවරුන් ගැන ඔත්තු බලන බව ප්‍රසිද්ධියේම හෙළීදරව් කිරීමක් බව දේශපාලන අංශ පවසති.

තිස්ස කුඩාහෙට්ටි කියා සිටියේ් නව දේශපාලන සංන්ධානයක් සෑදීමට  සාකච්ජා කිරීම නිසා සුසිල් පේම්ජයන්ත ඇමැති ධුරයෙන් පහ කරන ලද බවයි.

“මේ මන්ත්‍රීවරයාට මෙම බුද්ධි අංශ වාර්තාවට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම රජයේ ඉහළ තනතුරු දරන අයගෙන් ඉල්ලා සිටිමි,” යැයි  අමාත්‍ය ප්‍රේම්ජයන්ත අද ජනමාධ්‍ය වෙත් ප්‍රකාශ කර තිබේ.

“මේක බරපතල (බරපතල) ප්‍රකාශයක්, බුද්ධි අංශවලට මම වගේ අය පස්සෙන් පන්නන්න අවශ්‍ය නැහැ,” යැයි  ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා කීවේය.

“බුද්ධි අංශවලට මගේ පස්සෙන් එළවන්න අවශ්‍ය නැහැ. මට කියන්න තියෙන දේ එළිපිට කියන්නම්.” යැයිද ඔහු ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news