Tuesday, April 23, 2024

ආණ්ඩුව බිඳ වැටෙනවා; තමන් සමඟ එක්වන ලෙස සියලු ප්‍රගතිශීලීන්ගෙන් ජාතික ජන බලවේගය ඉල්ලයි!

ජනතාව මෙම ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ඉමහත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා පෙරදැරි කර ගෙන නිසා අවම වශයෙන් ජනතාව මීට වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු. මේ තත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රගතිශීලී සියලු ජනතාවගෙන්ගෙන්, එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙහි නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එම නිවේදනය පහත දැක්වේ:

නව වසර ආරම්භයත් සමග ජනතාව එක පිට එක එන ආර්ථික දුෂ්කරතාවයන් ගණනාවකට මුහුණ දෙමින් සිටි. බස් ගාස්තු, පාසල් වෑන් රථ ගාස්තු මෙන්ම කිරිපිටි, එළවළු, පාන් සහ තවත් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන  භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ ගොස් ඇත.

ගෑස් හිඟය නිසා සිදුවන රස්තියාදුවීම් හෝ ගෑස් කාන්ඳුවිම් නිසා සිදුවන අපදා සහ ජිවිත හානිද තවමත් සිදුවෙමින් පවතී. ගෑස් ලිපක් තිබීම නිවසක කුමන වෙලාවේ හෝ පිපිරිය හැකි බෝම්බයක් තිබීම හා සමාන වී ඇත. ගෑස් සහ කිරිපිටි පෝලිම්වල සිටීම ජනතාවගේ එදිනෙදා කාර්යයන්හි අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. පෝලිම්වලින් පිටත ගෑස් වැඩි මිලට අලෙවි වන බවටත් අසන්නට තිබේ.

“ආණ්ඩුවේ ජනප්‍රියභාවය පිරිහෙමින් තිබෙන බවට බොහෝ සාක්ෂි ඇතත් ඇත්තටම එය ජනතාව ප්‍රකෝප කරන සුළු වුවත් පවතින ගැටලු නිරාකරණය කිරීමට ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරු කිසිදු සාධනීය උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ. ඒ අතරම මෙම අර්බුද නිසා ආණ්ඩුව නැවත ගොඩ ගත නොහැකි වන සේ ඇතුළතින්ද පිටතින්ද බිඳ වැටෙමින් ඇත.”

ගෑස් සපයා ගැනීමට අපහසු වීම නිසා ජනතාවට ආහාර පිසීමේ වෙනත් සම්ප්‍රදයික ක්‍රමවලට මාරු වීමට බල කෙරී ඇති අතර මහල් නිවාසයන්හි ජනතාව ආහාර පිස ගැනීමේදී සහ දරුවන්ට අවශ්‍ය ආහාර සපයා දීමේදී මහත් අසීරුතාවයනට පත්ව සිටී. ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ එයට සම්බන්ධ ස්වයං රැකියාවල යෙදී සිටින  අයගේ ජිවනෝපායන්ටද එල්ල වී ඇත්තේ බරපතළ තර්ජනයකි.

එනමුදු මේ ආණ්ඩුව මේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වනු නොපෙනේ.

පවතින ආර්ථික දුෂ්කරතා නිසා ජීවත්වීමේ අයිතිය අහිමි වෙමින් සිටි ජනතාවගේ ජීවිත පසුගිය මාස කිහිපයේ පැන නැගුණු මෙම බරපතළ ගැටලු නිසා තව තවත් අසරණභාවයට පත්කරනු ලැබ තිබේ.

එහෙත් මෙම අර්බුදයන්ට විසඳුම් සපයනු වෙනුවට ආණ්ඩුවේ මැති ඇමතිවරු එවැනි ගැටලු නැති බව ප්‍රකාශ කරමින් හෝ ජනතාව කබලෙන් ලිපට ඇද වැටෙන අදුරදර්ශී පැලැස්තර විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. මෑතදී රාජ්‍ය සංස්ථා සහ විශ්‍රාමික නිලධාරීන්ට/ සේවකයින්ට ලබාදුන් දීමනා සහ තාවකාලික සහන දීර්ඝකාලීනව මෙම ගැටලු විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වැටුප් විෂමතා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු ණය ගැති බව සහ දැනටමත් තිව්‍ර වී ඇති පෝෂණ ගැටලු මෙවැනි තාවකාලික අවිධිමත් ක්‍රියාමාර්ගයන්ගෙන් විසඳිය නොහැක.

මෙම බරපතළ ආර්ථික ගැටලුවලට හේතුව මොවුන් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසා බව සක් සුදක් සේ පැහැදිලි වුවත් මොවුහු තවමත් මෙම අර්බුදයට හේතුව COVID 19 ගෝලීය වසංගතය නිසා සිදුවූ ගෝලීය ආර්ථික චලනයන් යැයි පුනරුච්චාරණය කරමින් සිටිති.

ආහාර හිඟකමට මුලික හේතුව වුයේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ වැටී තිබියෙදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ඉහළ දමනු ලැබ ඇත. එය ආණ්ඩුවේ ආර්ථික  ප්‍රතිපත්තියයි. මෙයින් තෙල් සංස්ථාවට පමණක් නොව IOC සමාගමටද අධික ලාභ හිමි වේ. මෙම ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග නිසා රටේ බලශක්ති සහ ආහාර සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් වී තිබේ.

ජනතාව මීට වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු. මේ තත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රගතිශීලී සියලු ජනතාවගෙන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අප සමග එක් වන ලෙසයි.

මේ නිසා විධායක ජනාධිපතිකම  සහ 2/3ක පාර්ලිමේන්තු බලයක් ඇති මේ ආණ්ඩුව අදුරදර්ශී, අසාර්ථක, දුර්වල ආණ්ඩුවක් බව සනාථ කරමින් සිටියි.

ආණ්ඩුවේ ජනප්‍රියභාවය පිරිහෙමින් තිබෙන බවට බොහෝ සාක්ෂි ඇතත් ඇත්තටම එය ජනතාව ප්‍රකෝප කරන සුළු වුවත් පවතින ගැටලු නිරාකරණය කිරීමට ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරු කිසිදු සාධනීය උත්සාහයක් ගන්නා බවක් නොපෙනේ. ඒ අතරම මෙම අර්බුද නිසා ආණ්ඩුව නැවත ගොඩ ගත නොහැකි වන සේ ඇතුළතින්ද පිටතින්ද බිඳ වැටෙමින් ඇත.

ජාතික ජන බලවේගය මෙම ආණ්ඩුවේ සියලු වගකිවයුතු සාමාජිකයින්ගෙන්, මෙම ගැටලු විසඳීමට සහ ජනතාව මත පැටවී තිබෙන අධික ජීවන බර ලිහිල් කිරීමට ඉක්මණින්, සාමුහිකව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි. අවම වශයෙන් ආණ්ඩුව අනවශ්‍ය වියදම් කපා හැරීමට, නාස්තිය වැළක්වීමට සහ ඔවුන්ගේම අය විසින් කරනු ලබන මහා පරිමාණ දුෂණ වංචා නැවත්විමට පියවර ගත යුතුව තිබේ.

ජනතාව දිගින් දිගටම මෙම ආණ්ඩුව සිදු කරගෙන යන මෙම විනාශකාරී හිතුවක්කාර සහ තමන්ට සහ තමන්ගේ සහචරයින්ට පමණක් වාසි වන මෙම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තවදුරටත් ඉවසනු ඇතැයි විශ්වාස කළ නොහැක.

ජනතාව මෙම ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ඉමහත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා පෙරදැරි කර ගෙන නිසා අවම වශයෙන් ජනතාව මීට වඩා ව්‍යසනකාරී තත්වයකට පත්වීම වැළක්වීමවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු. මේ තත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රගතිශීලී සියලු ජනතාවගෙන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අප සමග එක් වන ලෙසයි.

වෛද්‍ය නිහාල් අබේසිංහ

ප්‍රධාන ලේකම් – ජාතික ජන බලවේගය

2022.01.06

Archive

Latest news

Related news