Friday, April 19, 2024

“5000 සහනය රටේ උද්ධමනය වේගයෙන් ඉහළ යවාවි.”

මිල ඉහළ යාමෙන් ජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා රුපියල් බිලියන 229 ක සහන පැකේජයක් පිරිනැමීමට  03වන සඳුදා ආණ්ඩුවේ  තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සඳහා මුදල් සැපයීම ජනතාවගෙන් බදු නොගෙන සිදු කරන බවට ද ආණ්ඩුව කියා සිටියේය.

රජයේ මෙම නව අවුරුදු ප්‍රසාදය අවසානයේදී ජනයා පෙළෙන උද්ධමනයකට හේතුවනු ඇති බව  ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ සහ  හිටපු මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ විජේවර්ධන ප්‍රකාශ කරයි.

[උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.- විකි පීඩියා]

“ශ්‍රී ලංකාව වැනි මූල්‍ය සම්පත් හිඟ රටකට, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3ක් වන මෙම වියදම බොහෝ දුරට ලබාගත් හැක්කේ ප්‍රාග්ධන වියදම් කපා හැරීමෙන්.

“මෙවැනි කෙටි කාලීන සහන දිගු කාලීන ප්‍රශ්ණයන්ට තුඩු දෙනවා. මන්ද එ් සඳහා කැපී යනු ඇත්තේ ප්‍රාග්ධන වියදම් විය හැකි නිසා. එවැනි කප්පාදුවක් මගින් රටේ දිගුකාලීන වර්ධනය සඳහා සෘජු ඍණාත්මක ඇඟවුම් ඇති වේවි.

“ප්‍රාග්ධන වියදම් වර්තමාන මට්ටමේ තබා ගන්නේ නම්, විකල්පය වන්නේ ණය ගැනීමයි. නමුත් අධික පොලී පිරිවැය හේතුවෙන් විදේශ මූලාශ්‍රවලින් ණය ගැනීමක් සිදු වෙන එකක් නැහැ. පොලී අනුපාත වැඩි කිරීමට ඉඩ  දුන්නොත් දේශීය ණය ලබා  ගන්න පුළුවන්.

“පසුගිය මාස 23 තුළ  රුපියල් ට්‍රිලියන 3.7 කින් මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් ණය ගත්තා. අද වුණත් තියෙන පහසු විකල්පය එයයි.

“ මේ නිසා සිදු වන්නේ ඉදිරි මාසවලදී අතිශයින් ඉහළ යන උද්ධමනයක් සමඟ පොර බදන්න ජනතාවට සිදු වීමයි.

“ දැනටමත් ආහාර මිල උද්ධමනය සියයට 22 දක්වාත් සමස්ත  උද්ධමන අනුපාතිකය සියයට 12 දක්වා වේගයෙන් වැඩි වී තිබෙනවා. ඉස්සරහට මෙය වඩාත් නරක අතට හැරේවි.”

(ඩේලි මිරර් හි පළවූ ලිපියකින් සකස් කරන ලදී)

Archive

Latest news

Related news