Thursday, April 25, 2024

මුවහත් කර දුන් 20න් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ගෙල්ල කැපේ

ඇමැතිවරයෙකුට දන්වන්නේ හෝ කරුණූ ඉදිරිපත් කරන්නේ හෝ නැතිව ඉවත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබෙන බැවින් තමා අස්කළ බව දැන ගත්තේ මාධ්‍්‍ය හරහා බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂට ඒකාධිපති බලතල ලබා දුන් 20වන සංසෝධනයට ඔහුද පාර්ලිමේන්තුවෙහි දි ජන්දය දුන්නේය.

සුසිල් ප්‍රේමජයන්තට අත් වූ ඉරණම තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේම ඉරණම බවට පත්වීමට නියමිත බව දේශපාලන අංශ ප්‍රකාශ කරති.

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ලොකු දෙයක් නොවන බවත් නීතීඥයෙකු වන තමන් නැවතත් හෙට දිනයේ සිට අධිකරනයේ රාජකාරියට යන බව ඔහු ප්‍රකාශ කරයි.

ඔහු විසින් දක්වන ලද අදහස් මෙසේය:

”රාජ්‍ය ඇමති ධුරයන් ඉවත් කළා කියලා, ආරංචියි. මේවා ලොකු දේවල් නෙවෙයි. ඇමතිවරයෙක් වුණේ 2000. ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මගේ වෘත්තියක් තියෙනවා හෙට ඉදලා එහෙ උසාවියට”

ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර තිබුණේ දැයි, මාධ්‍යවේදීහු එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගන් විමසා සිටියහ.

ඊට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

”නෑ. එහෙම දැනුවත් කරන්නෙ නෑ. නේ සාමන්‍යයෙන් මාධ්‍යයෙන් එහෙම තමයි අපි දැන ගන්නෙ අයින් කළා කියලා”

තව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අවම වශයෙන් අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙකු හෝ වීමට නොහැකි අයට පාර්ලිමේන්තුවේ වගකීම් භාරදී ඇති බවත් එවැන්නන්ට අධ්‍යාපනයේ වටිනාකම නොතේරෙන බවත් ය.

ආණ්ඩුව තුළ තමා ජ්‍යෙෂ්ඨයෙකු විය නොහැකි වුවත් සෑම ජනාධිපතිවරයෙකුම යටතේ රටේ දේශපාලනය වෙනුවෙන් තමා යුතුකම් ඉටු කර ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

සිදු වූ දේ ඉදිරි දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සිදු වූ දේ සිය අනාගත දේශපාලනයට අශිර්වාදයක් බවයි.

”අපි දේශපානයේ අතපල්ලෙන් වැටිලා නෑ. කෝට්ටේ නගර සභාවෙන් පටන් ගත්තේ 1991 වසරේ. මැතිවරණ ජයග්‍රහණය ඉතිහාසයක් තියෙනවා”

මාධ්‍යවේදී පැනය : ජනාධිපතිවරයා මේ වගේ තීන්දුවක් ගනීවි කියලා බලාපොරොත්තුවෙන් හිටිය ද ?

සුසිල් ප්‍රේමජයන්ත : මෙහෙම නොගත්ත නම් තමයි ප්‍රශ්නෙ, රටේ වැඩපිළිවෙළ යන හැටියට ආර්ථික කටයුතු, අනෙක් කටයුතු මෙහෙයවන හැටියට පේනවා කොහාට ද අපි යන්නෙ කියලා. ඒවා ගැන කතා කිරීම ජනතාව වෙනුවෙන් කාතා කිරීමක්”

(නිව්ස් පස්ට්)

Archive

Latest news

Related news