Saturday, April 20, 2024

ජායාරූප තුලින් අපේ කාලයේ වීරයකු වූ බිශොප් ඩෙස්මන්ඩ් ටූ ටූ ගේ ජීවිතය

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට සිය ජීවිතය කැප කළ නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ වයස අවුරුදු 90 දී  අද අභාවප්‍රාප්ත  විය.

ටූටූ යනු දෙස් විදෙස්හි රටේ ප්‍රසිද්ධතම චරිතයකි. ඔහු අපේ කාලයේ වීරයින් අතර වීරයෙකි.

දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ පහන් තරුව වූ  නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලීනයෙකු වූ ඔහු 1948 සිට 1991 දක්වා දකුණු අප්‍රිකාවේ කළු බහුතරයට එරෙහිව සුදු සුළුතර රජය විසින් පවත්වා ගෙන ගිය වාර්ගික වෙන්කිරීමේ සහ වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිය අවසන් කිරීමේ ව්‍යාපාරය පිටුපස සිටි ගාමක බලවේගයකි.

Archbishop Desmond Tutu, Nobel Peace Prize winner, in October 1984, South Africa
දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර පාලනයට එරෙහිව ඔහු කළ අවිහිංසාවාදී සටන වෙනුවෙන් ඩෙස්මන්ඩ් ටුටූට 1984 දී නොබෙල් සාම ත්‍යාගය ලැබුණි.
Desmond Tutu smiles after being appointed Anglican Archbishop of Cape Town in 1986, with his wife, Leah, is at his side
1986 දී කේප් ටවුන් හි ඇංග්ලිකන් අගරදගුරු පදවියට පත්වීමෙන් පසු ටුටු, ඔහුගේ බිරිඳ ලෙයා සමඟ..
Tutu visiting Kagiso township, August 23 1990
කේප් ටවුන් හි පළමු කළු අගරදගුරු ලෙස ටුටු, ජොහැන්නස්බර්ග් නගරයට බටහිර දෙසින් පිහිටි කගිසෝ නගරයට 1990 දී පැමිණි
Archbishop Desmond Tutu applauds as he watches Nelson Mandela and South African President FW de Klerk receive their Nobel Peace Prize for ending Apartheid in South Africa
1993 දී දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති එෆ් ඩබ්ලිව් ඩි ක්ලර්ක් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්නා අයුරු බලා සිටින ටුටු අත්පොළසන් දෙයි
The Queen with Archbishop Desmond Tutu and South African President Nelson Mandela in 1995
අගරදගුරු ටුටු බ්‍රිතාන්‍ය රැජින සමඟ 1995 දී කේප් ටවුන්හිදී
Archbishop Desmond Tutu during London Celebrates A Decade Of South African Freedom, at Trafalgar Square, UK, 2004
2004 වසරේ ලන්ඩන් දකුණු අප්‍රිකානු නිදහසේ දශක සැමරුම් උත්සවය අතරතුර ටුටු වේදිකාවට ගොඩ විය. ඔහු ප්‍රීති ඝෝෂා නගමින් සිටි පිරිසකට පැවසුවේ: “අපි නිදහස්. අපි නිදහස්.” කියාය.
Desmond Tutu dancing at the launch of his biography, Tutu: The Authorised Portrait, the day before his 80th birthday at St George's Cathedral in Cape Town, 6 October 2011
2011 දී ඔහුගේ චරිතාපදානය වන Tutu: The Authorized Portrait එළිදැක්වීමේදී අගරදගුරුතුමා කේප්ටවුන් හි ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේ දී ඔහුගේ 80 වැනි උපන්දිනයට පෙර දින නටයි.
Tutu, a friend of Nelson Mandela for decades, became emotional while speaking at the latter's funeral in 2013
ටුටු දශක ගණනාවක් තිස්සේ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිතුරෙකු වූ අතර 2013 දී ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී කතා කරමින් හැඟීම්බර විය.
Then-US President Barack Obama sits with South Africa's Nobel peace laureate Archbishop Desmond Tutu following a tour of the Desmond Tutu HIV Foundation Youth Centre in Cape Town, South Africa, 30 June 2013
2013 දී එවකට එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා කේප්ටවුන් හි ඩෙස්මන්ඩ් ටුටු එච්අයිවී පදනමේ තරුණ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
Spiritual leader Dalai Lama shares his birthday cake with retired Archbishop Desmond Tutu at the Tibetan Children's Village School in Dharmsala, India, 23 April 2015
ආධ්‍යාත්මික නායක දලයි ලාමා 2015 දී ඉන්දියාවේ ධර්මසාලා හි ටිබෙට් ළමා ගම්මානයේ පාසලේදී ටුටු සමඟ ඔහුගේ උපන්දින කේක් බෙදා ගන්නා අයුරු
Leah Tutu dances next to her husband, Archbishop Emeritus Desmond Tutu, during a Eucharist church service to celebrate his 90th birthday, at St. George's Cathedral in Cape Town, South Africa, 7 October 2021
Leah Tutu 2021, Cape Town හි ඔහුගේ 90 වන උපන්දිනය සැමරීම සඳහා පල්ලියේ දේව මෙහෙයක් අතරතුර ඇගේ සැමියා (දකුණ, වාඩි වී) අසල නර්ථනයක යෙදුනාය.

( ජායාරූප සහ කතාව බීබීසී අනුග්‍රහයෙනි)

Desmond Tutu with fellow students in 1961
ටුටු 1961 දී ප්‍රිටෝරියා බන්ටු සාමාන්‍ය විද්‍යාලයේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ
Desmond Tutu in a tear gas cloud
වර්ණභේද විරෝධී රැස්වීමකින් පසු කඳුළු ගෑස් වලට හසු වී
කේප් ටවුන් හි ඇංග්ලිකන් අගරදගුරු, ඩෙස්මන්ඩ් ටුටූ,( මධ්‍යයේ), වර්ණභේදවාදී නීතිවලට එරෙහිව ඔවුන්ගේ ව්‍යාපාරය දිගටම ගෙන යමින් ආධාරකරුවන් පිරිසක් සමඟ කේප් ටවුන් අසල, සුදු ජාතිකයින්ට පමණක් වෙරළක් දිගේ ඇවිද යයි

අන්තර්

 

Archive

Latest news

Related news