Thursday, April 18, 2024

තොරතුරු කොමිසමට හිටපු විනිසුරු උපාලි අබේරත්න පත් කිරීම නීති විරෝධියි; උපන් ගෙයිම අවලංඟුයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තොරතුරු කොමිසමේ සභාපති  වශටයන් හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු උපාලි අබේරත්න පත් කිරීම නීති විරෝධී බව නීති අංශ පෙන්වා දෙති.

මීට හේතුව නම් ඔහු දැනටමත් වෙනත් රාජ්‍ය ආයතනයක එනම් අතුරුදහන් වූ තැනැත්තන් පිිලිබඳ කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ් පනතෙහි 12වන වගන්තිය  අනුව තොරතුරු කොමිසමෙට පත් කරන ලබන පුද්ගලයින් යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවන බවට සහතික වී තිබිය යුතුය.

එසේ නමුත් උපාලි අබේරත්න රජයේ වැටුප් ලබන සභාපතිවරයෙනි.

එම ප්‍රතිපාදනය මෙසේය:

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
12.
(iii) යම් රාජ්‍ය හෝ අධිකරණ ධූරයක හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවන බවට;
(iv) යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවට;
(v) යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදෙන බවට,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සහතික විය යුතු ය.

(4) කොමිෂන් සභාවේ යම් සාමාජිකයකු එම ධුරය දරනු ලබන අතරතුර දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත්පාලන ආයතනයක සභිකයකු වශයෙන් පත් වුවහොත් හෝ යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් සඳහා හෝ යම් දේශපාලන පක්ෂයක නිලධරයකු වශයෙන් තෝරා පත් කරනු ලැබුවහොත්, එවැනි සාමාජිකයකු එම පත්කිරීමෙහි සිට කොමිෂන් සභාවේ සාමාජිකයකු වීම අවසන් වන්නේ ය.

මේ අනුව උපාලි අබේරත්නගේ පත්වීම ඉබේම අවලංඟු විය යුතුය.

20වන ව්‍යවස්ථා සංසෝධනය මගින් ව්‍යවස්ථාදායක සබාව අහෝසි කරන ලද නමුත් තොරතුරු කොමිසමට පත් කළ යුතු පුද්ගලයින් පිළිබඳ කිසිදු වෙනසක් කර හෝ මෙම පත්වීම් කළ යුත්තේ කුමන අන්දමකට ද හෝ යන්න දක්වා නැත.

මෙම පත්වීමට විරුද්ධව අධිකරණය හමුවට යාමට දැනටමත් සිවිල් ක්‍රියාකාරී පිරිස් කටයුතු කරමින් සිටින බව දැන ගන්නට තිබේ.

මෙය ගෝඨාභ්‍ය රාජපක්ෂගේ  තවත් ආපසු හැරීමක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

තොරතුරු පනත ‌මෙහි කියවන්න: RTI-12-2016_S

 

 

 

 

Archive

Latest news

Related news