Wednesday, April 24, 2024

නිමල්කා සහ ගිහාන් කපා සාම මණ්ඩලේ භික්ෂුවක් මානව හිමිකම් කොමිසමට

ඡායාරූපය: පූජ්‍ය කළුපහන පියරතන හිමි 2014 වසරෙහිදී ගස් රැක ගැනිම පිනිස ඒමත සිවුරු පෙරවිමට දායක විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස බෞද්ධ භික්ෂුවක් පත් කර තිබේ. ඒ පූජ්‍ය කළුපහන පියරතන හිමියන් ය.

මානව හිමිකම් කොමිසමට බෞද්ධ භික්ෂුවක් පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අවධියෙහි (2010-2015) කුප්‍රකට හිමිනමක් පොලිස් කොමිසමට පත් කර තිබුණි.

මෙම පත්කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තේරීමකි. මානව හිමිකම් කොමසමේ ඇති වූ පුරප්පාඩු පිනිස විපක්ෂ සමගි ජන බලවේගය විසින් නීතිඥ සහ  මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු සහ නීතිඥ ගිහාන් ගුණතිලක යන නම් යෝජනා කර තිබුණි.

ජනාධිපති රාජපක්ෂ එම නම් දෙකම ප්‍රතික්ෂේප කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පත් කර ඇත.

පූජ්‍ය  කළුපහන පියරතන හිමි,  ආචාර්ය ජෙහාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සාම මණ්ඩලයේ පාලක සභාවේ සාමාජිකයෙකි.

මෑතදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ ජාතික මානව හිමිකම් කොමිෂන් සභා ආයතනය විසින් B  තත්ත්වයට කරන ලද්දේ  ප්‍රධාන වශයෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එහි පත් කිරීමේ ක්‍රියාවලිය පාරදෘශය නොවන සහ දේශපාලනික නිසාය.

ආචාර්ය ජෙහාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් රාජපක්ෂ රජය සමඟ සංවාදයක් ආරම්භ කර තිබේ. එශ්‍රී ලංකා රජය UNHRC වෙත වාර්තා කරන ලද්දේ  මෙම සංවාදය සිවිල් සමාජය සමඟ කරන බැඳීමක් ය.

 

“ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පත් කල යුත්තේ පළපුරුද්ද සහ විශ්වසනීයත්වය ඇති පුද්ගලයන් ය. පත් කළ හැකි නීතිමය සහ මානව හිමිකම් සම්බන්ධ පළපුරුද්ද ඇති සුදුසුකම් ලත් සහ විශ්වාසනීය පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිති. කොමිෂන් සභාවට ආගමික නායකයෙකු පත් කළහොත්, එය මෙම ආයතනය අපකීර්තියට පත් විය හැකිය, ” යැයි මානව හිමිකම් කොමිසමේ  නිලධාරියකු පවසා තිබේ.

සෞඛ්‍ය හේතූන් මත හිටපු සභාපති ආචාර්ය ජගත් බාලසූරිය නොවැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමත් සමඟ මානව හිමිකම් කොමිසමේ සභාපති තනතුර පුරප්පාඩු විය.

 

Archive

Latest news

Related news